හදිසි ටොනාඩෝ තත්ත්වයකින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට අලාභ හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිව් සවුත්වේල්ස් හි කාලගුණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ එම ප්‍රදේශයට මෙතෙක් වාර්තා වූ වේගවත් ම සුළග මෙය බවයි.
බොට්නි බේ හි දකුණු දිග හෙඩ්ලන්ඩ් කුර්නල් පෙදෙසට පැයට සැතපුම් 213ක වේගයෙන් සුළං හැමූ බව වාර්තාවේ.
මේ පෙදෙසේ වැසියන් පවසන්නේ බර පටවා නෙ යන දුම්රියක ශබ්දයෙන් සුළං හමා ගිය බවයි. කෙසේ වෙතත් මින් කිසිවෙකුටත් බරපතල තුවාල සිදු වී නැත. කම්පන තත්ත්වයට පත්වූ පුද්ගලයන් සිව් දෙනකු රෝහල්ගත කර සිටිති.
ඕස්ට්‍රේලියා බලධාරින් පවසන්නේ නිවාස 25කට බරපතල හානි සිදුව ඇති බවයි.
කුර්නල් හි 180 ක් පමණ පාසැල් සිසුන් තමන්ගේ පන්ති කාමරවලින් ඉවත් කර තිබේ.
බොන්ඩි නගරයටද මෙම කුනාටු තත්වයෙන් හානි සිදුවි ඇත. කෙසේ වෙතත් සිඩිනි නුවර ගුවන් තොටුපොල තවමත් විවෘත ව පවති. නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද විය.
ජීවිත ගලවා ගැනීමේ ගුවන් මෙහෙයුම් වල යෙදි සිටින වෙස්ට්පැක් කණ්ඩායමේ ප්‍රධාන විධායක ස්ටීවන් ලෙහි පවසා ඇත්තේ සිදුවු හානි ගැන තමන් විශ්මයට පත්ව ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක මිනිස්සු! (නි)
ලොවපුරාම මිනිසුන්ට කරදර! (නි)