අප්‍රිකානු මොසැම්බික් රාජ්‍යයේ සිට කාම්බෝජයට කන්ටේනරයක සඟවා ගෙන ආ ටොන් 3.2 ක් බරැති අප්‍රිකානු ඇත්දළ තොගයක් සොයා ගත් බව රේගු නිලධාරීන් පවසයි.


කාම්බෝජයේ නොම්පෙන් අගනුවරට ආසන්න වරායක තිබී මෙම අත්දළ කන්ටේනරය සොයා ගත් බව කාම්බෝජ රේගු බලධරයෝ පවසති.


එම ඇත් දළ තොගයට දළ 1026 ක් අඩංගු වී තිබේ. කාම්බෝජයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ඒ සඳහා තොරතුරු ලබාදී ඇති බව වාර්තා වෙයි.


චීනය හා වියට්නාමය යන රටවලින් ඇති ඉල්ලුම නිසා මෙලෙස නීතිවිරෝධීව වනජීවී වෙළඳාමට කාම්බෝජය ප්‍රධාන සංක්‍රමණික ස්ථානයක් බවත් පත්වී තිබේ.


(28535)