IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ටෲඩෝටත් සම්බාධක

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඇමෙරිකන් රජයේ ඉහළ නිලධාරීන්ට පමණක් නොව, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඇතුළු කැනඩා රජයේ ඉහළ නිලධාරීන්ට ද රුසියාව සම්බාධක පැනැවීම් සිදු කර ඇත.

සම්බාධක පැනැවීම් සිදු කර ඇත්තේ රුසියන් ජනාධිපතිවරයාගේ තීරණයක් අනුව යැයි පැවැසෙයි. ඒ, එකට එක කිරීමක ලෙසය.

මේ වනවිට ඇමෙරිකාව, කැනඩාව පමණක් නොව, බටහිර රටවල් සහ බටහිර නොවන රටවල් ද රුසියාවට එරෙහිව දැඩි සම්බාධක රැසක් පනවා තිබේ. ඒ, රුසියානු ජනාධිපති පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමින්ය.

එම සම්බාධක අනුව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට හෝ සම්බාධක පැනැවූ සෙසු රුසියන් රජයේ නිලධාරීන්ට හෝ රුසියාවේ සිට වෙනත් විදේශයකට යෑමට නොහැකි වෙයි.

රුසියන් ජනාධිපති පුටින් සම්බාධක පැනැවූ පුද්ගලයන් අතර ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, සී.අයි.ඒ. ප්‍රධානී විලියම් බර්න්ස් සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන් ද සිටින බව පැවැසෙයි. රුසියාව පෙරළා පැනැවූ සම්බාධක අනුව, මොවුන් කිසිවකුට රුසියාවට පැමිණීමට නොහැකි වනු ඇත.

(රොයිටර්)



අදහස් (0)

ටෲඩෝටත් සම්බාධක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site