ඊජිප්තුවේ පාරාවෝ රජදරුවන් අතර සුප්‍රසිද්ධ ටූටන්කාමන් රජු භූමදාන කරන ලද්දේ එතෙක් මිනිසුන් විසින් වැඩිම වියදමක් දරමින් සාදන ලද සොහොන් කොතක බව පුරාවිද්‍යාඥයෝ කියති. මේ සොහොන් කොත ඉදිකැර ඇත්තේ අදින් වසර 3341ට පෙරාතුවය.
ඔහුගේ සිරුර තැන්පත් කැර ඇති පෙට්ටිය දැවයෙන් තනා රන් ආලේපකැර ඒ වටා ඇති බිත්තිවල නිල්වන් පෝසිලේන් වලින් තිත් යොදා ඇත. මේ විශාල මිනී පෙට්ටියේ අඩි 16ක් දිගැති පූජනීය වස්තුව තබා ඇත. එය 1922 දී බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයකු වූ වුඩ්වර්ඩ් කාර්ටර් විසින් සොයාගන්නා ලදී.
ඒ සොයා ගැනීමෙන් පසු මේ දක්වා කෝටි සංඛ්‍යාත ජනකායක් ටූටන්කාමන්ගේ සොහොන දැක ගැනීමට පැමිණියහ. පුරාවිද්‍යාඥයන් පවසන්නේ වඩාත් ජනප්‍රිය සොහොන්කොත වූ ටූටන්කාමන්ගේ සොහොන් කුටීරය දැන් මිනිසුන්ගේ පැමිණීම හේතුවෙන් ම කොටස් වලට කැඩී යාමේ අවධානමක් ඇති බවයි.
ටූටන්කාමන්ගේ සිරුර තැන්පත් කැර ඇති කුටියට සිදුවන හානිය වළක්වා ගැනීමට නම් කළ හැකි හොඳම විකල්ප ක්‍රියාමාර්ගය ලෙස පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත්තේ එම කුටීරයේ සත්‍ය ප්‍රතිමූර්තියක් දකුණු දිග පිහිටි රජුගේ නිම්නයේ ගොඩනැගිමයි.
පුරාවිද්‍යාඥයන්, ඉංජිනේරුවන්, චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, රසායන විද්‍යාඥයන්, කැමරා ශිල්පීන්, ශබ්ද පරිපාලකයන් ඇතුළු සිය ගණනකින් සැදුම් ලත් කණ්ඩායමක් දැන් වසර කිහිපයක සිට මේ කාර්යයේ නිරත වෙයි.
අති සංකීර්ණ හා සියුම් තාක්ෂණික ක්‍රමෝපායයන් භාවිතා කරමින් ත්‍රිමාණ ස්කෑනර් යන්ත්‍ර උපයෝගීකැර ගනිමින් ඔවුහු ටූටන්කාමන්ගේ මමිය තැන්පත් කැර ඇති කුටීරයේ සියළු දේ පිටපත් කැර තිබේ.
ඔවුන් මේ වනවිට නව කුටීරයේ ඉදිකිරීම් ආරම්භකැර ඇත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ නව කුටීරය ඉදිකිරීමෙන් පසු ටූටන්කාමන්ගේ සැබෑ සොහොන් කුටීරය මහජන ප්‍රදර්ශය නොකර වසා දමන බවයි.
මෙම ඉදිකිරීමේ විශේෂත්වය වන්නේ නව කුටීරය ද පැරණි සහ අව්‍යාජ බව ඇතිවන පරිදි ඉදිකිරීමයි.
නව ඉදිකිරීම් කණ්ඩායමේ නායකත්වය දරන බ්‍රිතාන්‍ය ජාතික ඇඩම් ලොවේ පවසන්නේ සොහොන් කුටීර අනුරුව සැබෑ සොහොන් කුටීරයට සර්ව සම්පූර්ණයෙන් ම සමාන වනපරිදි ඉදිකරන බවයි.
‘‘කුටීරය පිහිටි මාලය, සිවිලිම, බිත්ති, ගේට්ටු, විදුලිය, ගල් දෙන සහ පියන යන සියල්ල අපි දැනටමත් සත්‍ය සොහොන් කුටීරයේ ආකාරයට ම ගොඩනගා අවසන්. තවත් අසීරු කටයුතු කිහිපයක් ම තිබෙනවා. මේ නව කුටීරයට නරඹන්නන් පැමිණි අවස්ථාවේ ඒ ඇතුලත තෙතමනය, උෂ්ණත්වය සත්‍ය කුටීරයේ පරිදි ම තිබිය යුතුයි. ඒ විතරක් නොවෙයි කුටීරය ඇතුලේ නරඹන්නන් සිටින විට ඇතිවන ශබ්දය, කම්පන ආදිය සැබෑ කුටීරයේ ආකාරයට ම සකසන්න අපි අපේක්ෂා කරනවා. මෙය සිදුකරන්නේ ශබ්දය පිළිබඳ විශේෂඥයන් විසින්. “=
නව ප්‍රදර්ශන කුටියට තවත් අළුත් අංගයක් එකතු කරන බව පුරාවිද්‍යාඥයෝ කියති. ඒ ටූටන්කාමන්ගේ සොහොන් කොත හමුවූ අයුරු දැක්වෙන පින්තූර සහිත නව ප්‍රදර්ශන කුටියක් සෑදීමයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවක, හොරු මංකොල්ල කාරයෝ වගේම ආගමික අන්තවාදීන් ඕනෑම රටක ඉන්නවා. එහෙම කියල ලංකාවේ ඉතිහාසය පාච්චල් කරන්න එපා. කොහොමත් මේ ඉතිහාසේ නැතිකරන්න බලාගෙන ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලන්ට මේ වගේ කතා වලින් උඩගෙඩි දෙන්න එපා. (අ)
මහේෂ් පින්වත, එතොකොට ලංකාවේ නිදන් හාරන්න පිළිම කඩන්නේ සුද්දෝද ?..එතොකොට එජිප්තුව නුගත්?..(ස)
ඊජිප්තුව කියන්නෙ ලෝක ඉතිහාසයට වැඩිම දායකත්වයක් දක්වපු අපේ රට වගේ රටක්. අවාසනාවට වත්මන් ජනතාව අන්තවාදයෙන් මුලා වෙච්ච නූගත් පිරිසක් බවට පත් වෙලා. ඊජිප්තුවෙ වස්තුව කොල්ල කෑවේ සුද්දො. සියලු වස්තුව උන් හොර කම් කරලා අනුකම්පාවට සංචාරක කර්මාන්තය හදුන්වලා දුන්නා. සුද්දා අපෙ රටටත් කලේ මේ දේමයි. ආගමෙන් මුලා වෙච්ච ඊජිප්තු වැසියන්ට වඩා උගත්, විශිෂ්ට ආගමක් අදහන අපිත් ඒ අය වගේ අපේ ඉතිහාසය විනාශ කරගෙන යනවා. (නදී)
චීන සමාගමකට දුන්නා නම් එක රැයෙන් ඇත්ත එකේ විදියටම සොහොන හදලා දෙයි. (නි)
කෘතීම යනු සැබෑ දේ නොව.(දිල්)
සුද්ද ට ඊජිප්තුවේ මමී හොරකම් කරන්න පුළුවන් උනා. එහෙත් ලංකාවේ නිදන් හොරකම් කරන්න තියා තියෙන තැනක් වත් හඳුනාගන්න බැරිවුණා. යන්ත්‍ර මන්ත්‍ර බලය නිසා. හැබැයි වෙනසක් තියෙනවා.... සුද්ද කඩන පුරාවස්තු විශේෂඥයින් මගින් විවෘත කර කවුතුක වස්තු බවට පත් කරනවා. අපේ අය බලය මගින් කඩා හොරෙන්ම උනු කරනවා. (ස)
ලංකාවේ ඔයිට වැඩිය ලස්සන ඉතිහාසයක් තියනවා . හැබැයි ඔය ඊජිප්තුවෙත් දේවල් අගය කල යුතුයි නේද ? (නදී)