
මහ වැසි හේතුවෙන් යමුනා නදිය පිටාර ගැලීමත් සමඟ ලෝක උරුමයක් සහ පුදුමයක් මෙන්ම, දෙස් විදෙස් සංචාරක ආකර්ශණයක් ලෙස ද සැලකෙන ‘ටාජ් මහල’ පිහිටි භූමිය ද ජලයෙන් යටවීමට පටන්ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ටාජ් මහල පිහිටි ස්ථානය තෙක් මෙසේ ජල මට්ටම ඉහළ යෑම කලාතුරකින් සිදුවුණු නමුත් ඉදිරියේ දී කාලගුණ විපර්්‍යාස හේතුවෙන්, ගෝලීය උණුසුම ඉහළ යද්දී, ටාජ් මහල නිතරම ජල ගැලීම්වලට හසුවීමේ අවදානමක් පවතින බව කාලගුණ විශේෂඥයෝ බිය පළ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd