IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


‘‘ටජ් මහල් හින්දූන්ගේ නොවේ“

ඉන්දියාවේ ටජ් මහල් ස්මාරකය හින්දු පූජණීය ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස ඉන්දීය නීතිවේදීන් කණ්ඩායමක් අධිකරණයට කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

ටජ් මහල හින්දු පූජණීය ස්ථානයක්ව තිබූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ඉන්දියා සංස්කෘතික කටයුතු ඇමති මහේෂ් ෂර්මා ප්‍රකාශ කරයි.

1983 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම්කැර ඇති ටජ්මහල හින්දු භක්තිකයන්ට ලබාදිය යුතු බව කියමින් නීතිඥයන් කණ්ඩායමක් පසුගිය වසරේ ඉන්දියාවේ අධිකරණයක ගොනුකරන ලද පෙත්සමක් සම්බන්ධයෙන් රජය මේ නිවේදනය නිකුත් කරන ලදී.

17 වැනි සියවසේ දී සාජහාන් නමැති මුස්ලිම් ජාතික මෝගල් අධිරාජ්‍යයා විසින් මියගිය සිය බිරිඳ සිහිවීමට මේ ස්මාරකය ඉදිකරන ලදී. මෙය නැරඹීමට දිනකට 12,000ක පමණ සංචාරකයෝ පැමිණෙති.



අදහස් (0)

‘‘ටජ් මහල් හින්දූන්ගේ නොවේ“

උදය Thursday, 03 December 2015 11:28 AM

සියල්ල නැසෙන ලෝකයේ මෙයත් කවදා හරි විනාශ වෙනවා. අපි අයිතිය හොය හොයා දඟලනවා. කවදාද මෙය තේරුම් ගන්නේ.? (ර)

:       0       0

සිරිනාත Thursday, 03 December 2015 08:14 AM

එක එක්කෙනා අයිතිවාසිකම් කියාගන්නේ නැතුව ලෝක උරුමයක් ලෙස රැකගත්තා නම් නේද හොඳ? (නි)

:       0       0

අමල් Thursday, 03 December 2015 01:00 PM

මොන ඉතිහාසයක්ද? (ර)

:       0       0

මිගිද Thursday, 03 December 2015 04:13 AM

ලෝක උරුමයන් විනාශ කරන අය ගැන මොනවද දැන් හිතෙන්නේ? (නි)

:       0       0

කසුන් Thursday, 03 December 2015 04:36 AM

මෙය අයිති හින්දුන්ට බව මම නම් පිළිගනිමි. මෝගල්වරු ඉන්දියාව ආක්‍රමණයකොට බොහෝ හින්දු බෞද්ධ පූජනීය ස්ථාන අරාබි අකුරු සහිත ගල්පුවරු අල්ලා වෙනස්කොට ඇති බව පෙනේ. ඉතිහාසය හොයා බලන්න. ටජ්මහල් වල ඇතුළේ පෙනෙන්නේ නැති කාමර තිබේ. ඒවා සඳහා ඇතුළුවීමට අවසර නැත. එම කාමර වල මෑත කාලයේ බදාම තට්ටු වලට යටින් මතුව ඇති දේව රූප කුමන ආගමකට අයත් ඒවාදැයි මඳක් සොයාබලන්න (නි)

:       0       0

ඩේවිඩ් Thursday, 03 December 2015 04:45 AM

මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

අමර Thursday, 03 December 2015 09:34 AM

ඉතිහසය කියන්නේ බොරුවක් නේ. ඒ ඒ කාලවල වෙනස් කරනවා ඉතිහාසය. ඇත්තම ඉතිහාසය අපට හොයන්ඩ බැහැ. ඕව ගැන වැඩිය හිතනවට වඩා අනාගතේ දියුණුව ගැනයි වැඩ කරන්ඩ ඕනේ. (ස)

:       0       0

ෂෆීක් Thursday, 03 December 2015 05:56 AM

හෙසාන්, එය ඉස්ලාම් භක්තික මුස්ලිම් නොවේ, ඉන්දියානු ඉස්ලාමිය අධිරාජ්‍ය වාදියෙක් ගොඩනැගු සිහිවටනයක් පමණ වන බැවින් හින්දු හා අනෙකුත් ජාතින් එය රටේ සම්පතක් ලෙස සලකා රැක ගත යුතුවේ. අප රටේද කිනම් ආගමකට හෝ ජාතියකට අයත් පෞරාණික වස්තුන් රැකගැනීම අප යුතුකමවේ. (ර)

:       0       0

උපාලි Thursday, 03 December 2015 07:07 AM

ශෆික්, ඔබ සමඟ මමද එකඟවෙමි. අදහසට ඔබට පින්. (නි)

:       0       0

හෙසාන් Wednesday, 02 December 2015 10:02 PM

ලෝකපුජිත ටජ්මහල හින්දුන්ට අයත් නොවේ. එය ඉස්ලාම් භක්තික මුස්ලිම්වරුන්ට අයත් එකක් යැයි මම පවසමි. පැරණි දේ ගරු කරන සැමට ටජ්මහල අයිති වේ (නි)

:       0       0

උපුල් Thursday, 03 December 2015 07:10 AM

හෙසාන්, ඔයා දන්නේ මෑතකාලීන එක් එක් අය පවසා තිබෙන ඉතිහාසයනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site