සති කිහිපයක සිට ඉන්දියාවේ ටජ් මහල්හි කිරි ගරුඬින් නිම වූ බිත්ති කොළ පැහැයට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිට හේතුව ඒ අසලින් ගලා බසින යමුනා නදියේ ජලය අධික ලෙස දූෂණයට ලක් වීම බව එම වාර්තාවල දැක්වේ.
එම නදියේ ජලයේ කෘමි සතුන් බෝ වී තිබේ.
එම කෘමින් ටජ්මහලේ බිත්ති මත වැසීමෙන් බිත්ති මත මළ මුත්‍ර අපද්‍රව්‍ය තැම්පත් වීමෙන් කිරි ගරුඬ මතුපිට තද කොළ පැල්ලම් ඇති වෙමින් පවතින බවට සදහන් වේ.
ශාජහාන් රජු විසින් මුම්තාස් දේවිය සිහිවීම පිණිස නිමවන ලද ටජ් මහල ලෝක පුදුමයක් ලෙස නම් කර තිබේ.
මෙම ලෝක උරුමය බේරා ගැනීමට මැදිහත්වන ලෙස පරිසරවෙදියෙකු වන ඩීකේ ජෝෂි ඉන්දියා රජයෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දේ විනාශ වෙන සුළුය.මොන රජා හැදුවත් ඒක නියමය වේ! (හේ)
මෙය නිර්මාණ කරුගේ ඇස් අන්ධකර තවත් එවැනි දෙයක් නොසැදීමට තරම් කුරිරු වූ මේ රජාගේ ස්මාරකය විනාසවෙලාම යා යුතුයි (හේ)
සියළු දේ අනිත්‍ය බව පසක්කිරීමක් (නි)
කිරි වලට ගොම වැටුනා වාගේ, ලස්සන නගරය පරිසර දුෂණයෙන් විනාශ කරලා. එ්කයි හේතුව (නි)
සබ්බේ සංඛාරා අනිච්චාතී! (නි)
ටජ්මහල සැදීමට අපේ රෝස තිරුවානා නිධියෙන් තිරුවානා රැගෙන ගිය බව සඳහන් වෙනවා. දැන් අපේ රෝස තිරුවානා නිධියත් අවපැහැ ගැන්වෙන බව පසුගිය දිනක කතාබහට ලක්වුණා. මේ පාෂාණ පවා වෙනස්වන යුගයකි. (නි)