කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමුණු ටජ් මහල ලබන 21 වැනිදා සිට මහජනතාවට විවෘත කිරීමට නියමිත ය.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දියාව පසුගිය මාර්තු මාසයේදී දැඩි සීමා පැනවූ අතර ‘ලොක්ඩවුන්’ හෙවත් අගුළු දැමීම් හේතුවෙන් ටජ් මහල මාස හයකට ආසන්න කාලයක් මහජනතාවට විවෘත නොකෙරුණි.
ටජ් මහල අයත් ඉන්දියාවේ අග්‍ර පුරාවිද්‍යා සමීක්ෂණ කවයේ ප්‍රධාන/පාලක පුරවිද්‍යාඥයා වන වසන්ත් ස්වර්ණකාර් ‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්’ වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ ටජ් මහල සැප්තැම්බර් 21 වැනිදා සිට මහජනතාවට විවෘත කරන බව ය.
කෙසේ නමුත් ටජ් මහල, දිනකට විවෘත කෙරෙන්නේ සංචාරකයන් 5,000කට පමණක් යැයි ද හෙතෙම කීය.
අග්‍රා වේ තිබෙන අනෙකුත් පුරාවිද්‍යා වැදගත්කමකින් යුතු සිහිවටන සහ ස්මාරක ද සැප්තැම්බර් 1 වැනිදා සිට මහජනතාවට විවෘත කර ඇත. නිරෝධායන කලාපවලට සමීප හෙයින් ටජ් මහල සහ අග්‍රා බළකොටුව දිස්ත්‍රික් පරිපාලනයේ උපදෙස් පරිදි මෙතෙක් දවස් වසා දමා තිබිණි
.
සැප්තැම්බර් 21 වැනිදා උදෑසන සිට ටජ් මහල සංචාරකයන්ට විවෘත කෙරෙන අතර එහි පැමිණෙන සියලු දෙනා සියලු සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ පිළිපැදිය යුතු යැයි ද වසන්ත් ස්වර්ණකාර් පැවැසීය.
“මුඛ ආවරණ පැළැඳීම අනිවාර්යයි. ඒ වගේම ප්‍රවේශපත්‍ර මිලදී ගත යුත්තේ අන්තර්ජාලයෙන්” යැයි ද හෙතෙම කීය. ප්‍රවේශපත්‍ර කවුළු විවෘත කරන්නේ නැතැයි ද මේ වෙනුවෙන් නිර්මාණය කර තිබෙන මෘදුකාංගය ඔස්සේ වුවද ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි යැයි ද ඔහු කීය.
ඇස්තමේන්තු ගත කරන ලද ගණනය කිරීම්වලට අනුව වසරකට ලක්ෂ 70ත් 80ත් අතර සංචාරකයන් පිරිසක් ටජ් මහල නැරැඹීම සඳහා පැමිණෙති. ඒ අතර විදෙස් සංචාරකයෝ ද වෙති. ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය නිසා දැනට පනවා තිබෙන ජාත්‍යන්තර ගුවන් ගමන් සීමා හේතුවෙන් මේ වසරේ දී විදෙස් සංචාරකයන් නොපැමිණෙනු ඇතැයි පැවසේ.
අග්‍රා බළකොටුව නැරැඹීම සඳහා වසරකට පැමිණෙන සංචාරකයන්ගේ ගණන ලක්ෂ 30කට ආසන්න වේ. නව කොරෝනා වයිරසය හේතුවෙන් මාර්තු 17 වැනිදා සිට ටජ් මහල, අග්‍රා බළකොටුව ඇතුළු පුරාවිද්‍යා ඉපැරැණි සිහිවටන සහ ස්මාරක මහජනතාවට වසා දමා තිබිණි.
ටජ් මහල මුල් වරට මහජනතාව සඳහා වසා දැමුණේ 1965 වසරේ දී ය. ඉන්දු-පාකිස්තාන යුද්ධ හේතුවෙන් 1965 සහ 1971 වසරවලදී ටජ් මහල මහජනතාවට වසා දැමීමෙන් පසුව මෙසේ වසා දැමුණු පළමු අවස්ථාව මෙය වේ.
‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්’
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ටජ් මහල 21 වැනිදා විවෘත කරයි