
ඇමෙරිකාවේ උතුරුදිග ටෙක්සාස් ප්‍රාන්තයේ නගරයක් හරහා ටොනේඩෝ සුළි කුණාටුවක් හමා ගියේය. සුළි කුණාටුවට හසුවීමෙන් නගරයට දරුණු හානි සිදුවුණු අතර තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 100 කි.
ටොනේඩෝව කඩා වැදුණේ ‘පෙරිටොන්’ නමැති කුඩා නගරයටය. මෙම නගරයේ 8,000 ක් ජීවත් වෙති. සුළි කුණාටුව පිළිබඳ ඔවුන්ට කල්තියා අනතුරු ඇඟවීම් සිදු කෙරුණු බව ද පැවැසෙයි.
ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් පවසා ඇත්තේ විපතට පත්වූවන්ට කඩිනමින් අවශ්‍ය ආධාර ලබා දීමට පියවර ගන්නා බවය. ටෝනේඩෝ සුළි කුණාටු යනු ඇමෙරිකාවේ බහුලව දකින්න ලැබෙන කාලගුණික ආපදා තත්ත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd