මිනිස් භාෂාව බළල් භාෂාවට හරවන බව කියන මෘදුකාංගයක් භාවිතා කිරීමට ගිය කාන්තාවකට තම සිව්පා කතා සගයාගෙන් හොද හැටි පහර කෑමට සිදුවූ අවස්ථාවක් ගැන ඇමරිකාවෙන් වාර්තාවේ.
ඇමරිකාවේ ටෙනසි හි නෑෂ්විල්හි බළලූන් වෙනුවෙන් පිහිටුවා තිබෙන මධ්‍යස්ථානයක් වෙත ගොස් තිබෙන මෙම කාන්තාව එහි සිටි තම සිත්ගත් බළලකු හා සංවාදයේ යෙදීමට මේ මෘදුකාංගය භාවිතා කර ඇත.
ජංගම දුරකථනයේ ස්ථාපිත කරගත හැකි බව පැවසෙන මෙම මෘදුකාංගයෙන් සිදුවන්නේ දුකරථනයේ ඇති මයික‍්‍රපෝනයෙන් මිනිස් කටහඬ ග‍්‍රහණය කරගෙන එයි ඤාව්’ ශබ්ද ශ්‍රේණියක් බවට හරවා දුරකථනයේ ඇති ශ‍්‍රවණ පෙති වලින් මහාහඩින් පිටතට ඇසෙන්නට සැළැස්වීමය.
මෙම කාන්තාව මධ්‍යස්ථානයට ගිය වෙනත් අවස්ථාවල ඇයව ගණනකටවත් නොගත් බව කියන ෆ්ලෑම් නැමති මෙම බළලා ඇය මෙම මෘදුකාංගය භාවිතා කර කතා කරන විට වහාම ඇය වෙත පැමිණ තිබේ.
ෆ්ලෑම්ගේ සිත දිනාගත්තේයැයි උදම් ඇනූ ඇයගේ සතුට අනෙක් අතට පෙරලී ඇත්තේ ෆ්ලෑම් ඇයව සපා කෑමටත්,ඇය දෙස බලා දත් විළිස්සමින් ගෙරවීමට පටන්ගැනීමත් සමගය.
වහාම මෘදුකාංගය කි‍්‍රයාවිරහිත කර තිබෙන ඇය ෆ්ලෑම්ගෙන් ඉවත්ව ආරක්ෂාව සළසාගෙන තිබේ.
මෙම මෘදුකාංගය තවමත් තිබෙන්නේ අත්හදා බැලීම් අවදියේ වන අතර එයට සවන්දුන් ලොව ප‍්‍රථම බළලා වන්නේද ෆ්ලෑම් බව සඳහන්ය.
පෙනෙනා ලෙසට මෘදුකාංගයේ නිර්මාණකරුවන්ට එහි තවත් වැඩිදියුණු කිරීම් සිදුකිරීමට තිබෙන බව නම් පැහැදිලිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර හොඳහිතට කියමුද (බ)
සතුන් සමඟ කතාකිරීමට උන්ගේ භාෂාව අවශ්‍යම නැහැ (නි)
දුරකතනය ඇතුළේ තව බළලෙක් හිරවෙලා ඉන්නවා කියලා හිතුවද දන්නෙ නැහැ. (නි)
මෘදුකාංගය හරි වගෙයි. මොකක් හරි තේරුණ නිසානේ පහර දුන්නේ . (ර)
එයාගේ භාෂාවෙන් පරුෂ වචනයක්ද දන්නේ නැහැ තරහ ගියේ. (ම)
අපිත් දවසක් ෆෝන් එකේ තියෙන කැට් රිගින් ටොන් එක පාවිච්චි කරලා පූස් පැටියෙක් බේරා ගත්තා. වහනයක් අස්සට වෙලා බයේ හිටියා, නමුත් එකේ සද්දෙට එලියට ආවා. (ර)
බළල් බාසාව මිනිස් භාෂාවට හරවන්ඩත් පුලුවන්ද දන්නේ නෑ. අපේ පුසෙක් ඉන්නව නිතරම මොනවද අපට කියනවා. කෑම ඉල්ලනකොට වගේ ඒවා තේරුම් ගන්න පුළුවන්.(නදී)