සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමික් ස්ටේට් ජිහාද් සංවිධානය සම්පූර්ණයෙන් පරාජයට පත් කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය.
සිතියම් පෙන්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ ඒ බව කීවේය.
අයි.එස් සංවිධානය සියයට සියයකින් පරාජයට පත්කර ඇතැයි ජනාධිපති ට්‍රම්ප් එහිදි කීවේය. අයි.එස් සංවිධානය කලකදී අත්පත් කරගෙන තිබූ විශාලතම ප්‍රදේශයත් වත්මන් තත්ත්වයත් සිතියම් පෙන්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා වොෂින්ටනයේදී මාධ්‍යවේදීන්ට පැහැදිලි කළේය.
“මේ ඉන්නේ අයි.එස්.අයි.එස්. දැන් ඔවුන්ට කිසිවක් නැහැ” යැයි ට්‍රම්ප් කීවේය.
“අයි.එස් සංවිධානය සිරියාවේ ප්‍රකාශයට පත් කළ කාලිෆාව විනාශ කර දැමුවා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් කීවාය.
අයි.එස් සංවිධානය අවසන් වරට රැඳි සිටියේ සිරියාවේ බගූස් ගම්මානයේය. එම ගම්මානය ඉලක්ක කරගනිමින් කුර්දි ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළේය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ ධවල මන්දිරය සිරියාවේ අයි.එස් සටන්කාමීන් පරාජයට පත් කළ බව ප්‍රකාශයට පත් කළේ දින ගණනාවක් මුළුල්ලේ එම ගම්මානයේ අයි.එස් ඉලක්ක වෙත බෝම්බ හෙළීමෙන් පසුවය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා අනේද කියන්නේ. ඕක ඇති කරන්න මුල් වුනේ කවුද?
මේක ලංකාවෙන් සිදුවුණා නම් මෙලහකටත් මානව හිමිකම් කාරයන් අපට විරුද්ධව නැට්ට කඩාගෙන දොස් තියෙනවා. මේ ප්‍රකාශය අපේ රටේ නායකයෙකු කරා නම්, මේ රටේ ඉන්න පරගැත්තන් නැට්ට ගිනිගත්තා වගේ ඝෝෂා කරනවා. ඒත් මේ අයට මානව හිමිකම් චෝදනා කිසිවක් ඇත්තේම නැහැ. ඒවා අපටම පමණයි.