වාර්ෂිකව ලෝක බලවතුන් ඇමරිකාවේ ෆෝබ්ස් සඟරාව මෙවර පළමුවරට උතුරු ඉරාකයේ ප්‍රදේශයක් පාලනය කරන ජිහාඩ් කැරළි නායකයෙක් තෝරාගෙන ඇත.

අන්තවාදී ඩේෂ්  සංවිධානයේ නායක අබු බකර් අල් බැක්ඩාඩ් ෆෝබ්ස් සඟරා ලෝක බලවතුන් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ 54 වැනි ස්ථානය හිමිකරගෙන සිටී.

බ්‍රිතාන්‍ය ජාතික කෝටිපති ලක්ෂ්මි මිට්ල් ඔහුට වඩා ශ්‍රේණි තුනක් පහළ බැස ඇත.

මෙවරත් ලෝකයේ බලවත්ම පුද්ගලයාගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දෙවැනි වරටත් හිමිකර ගැනීමට රුසියා ජනාධිපති වැලැඩිමීර් පූටින් සමත් විය. දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සහ චීන ජනාධිපති ෂී ජින් පින්ග් හිමිකරගෙන ඇත. සිව්වැනි ස්ථානය පාප් වහන්සේටය.

බලවත් කාන්තාවන් අතර ප්‍රථම ස්ථානයේ සිටින ජර්මන් චාන්ස්ලර්වරිය ඇන්ජෙලා මර්කෙල් පස්වැනි ස්ථානයත් සත්වැනි ස්ථානය බිල් ගේට්ස් හටත් නවවැනි ස්ථානය ගූගල් සමාගමටත් හිමිවේ. ප්‍රංශ ජනාධිපති 17 වැනි ස්ථානයටද ඇතුළත්වී ඇත්තේය.

නිව්යෝර්ක් නගරයේ පස්වැනි ඇවනිව් හිදී ෆෝබ්ස් සඟරාව ඇරැඹුවේ 1917 දීය. වර්ෂ 1880 මැයි මස 14 වැනිදා ස්කොට්ලන්තයේ උපත ලද බ්‍රෙර්ට් චාල්ස් ෆෝබ්ස් තරුණ වියේදීම ඩන්ඩි සරසවියෙන් උපාධියක් හිමිකර ගෙන 1901 දී එහි ප්‍රාදේශීය පුවත්පතක වාර්තාකරුවකු, ලේඛකයකු ලෙස ජීවිත සටන අරඹයි. කලක් දකුණු අප්‍රිකාවේද ඉන් අනතුරුව මියයන තුරු ජීවත්වූ නිව්යෝර්ක් නගරයට 1904 දී පැමිණෙන්නේය.

ප්‍රාදේශීය මාධ්‍ය හරහා උපත ලබමින් මාධ්‍ය ලෝකයේ සුපතල දැවැන්ත චරිතයක් හිමිකරගත් ඔහු අද ලෝක ප්‍රසිද්ධ ෆෝබ්ස් සඟරාව ලොවට බිහිකළ පියා වූයේය. ලෝකයේ විවිධ විෂයයන්හි සම්මත පිළිගත් ශ්‍රේණිගත කිරීම් එළි දක්වන්නේ ෆෝබ්ස් සඟරාවයි. වයස අවුරුදු 73 දී ඔහු මියයන විට මාධ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි ඉහළම තනතුරු දැරුවේය.

Abou-Bakr-Al-Baghdadi Angela-Merkel Pape-Francois u-s-president-barack-obama Vladimir_Putin-6 Xi-Jinping