ජේසුස් වහන්සේගේ දේහය තැන්පත් කර ඇතැයි කියන ස්ථානයක් වසර ගණනාවකට පසු ජෙරුසෙලමින් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

එම ස්ථානය කිරි ගරුඬවලින් ආරක්ෂා කර තිබූ බව කියති. එම දේවස්ථානයේ පරීක්ෂණ කටයුතුවල නියැලි විද්‍යාඥයන් කියනුයේ මෙවර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේහය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් දැනට නිරාවරණය වූ නව තොරතුරු අනුව සොයාගැනීමට හැකිවනු ඇති බවයි.

මෙම කිරි ගරුඬ ආවරණය ඉවත් කැරුණේ 1810 වසරින් පසු පළමු වරට බවත් වාර්තාවේ.

කිරි ගරුඬ ආවරණය ඉවත් කිරීමෙන් පසු එම ස්ථානයේ පටු තීරයක ජේසුස් වහන්සේගේ සිතුවමක් ද දැකිය හැකි බව කියති.

web_church_holy_sepulchre.adapt.1190.1 web2_church_holy_sepulchre.adapt.1190.1 webchurch_holy_sepulchre.adapt.1190.1