'2015 මහා මැතිවරණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ "හෘද සාක්ෂියේ සම්මුතිය" ජාතික වැඩ පිළිවෙළ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා විහාරස්ථානවල මහා සංඝ රත්නය වෙත පිළිගැන්වීම ජවිපෙ එක්සත් රාජධානි කමිටුවේ මෙහෙය වීමෙන් ලන්ඩන් නුවරදී සිදුවිය.
බෝගොඩ සීලවිමල හිමි , තවලම බන්ධුල හිමි , ගලයායේ පියදස්සි හා හාන්දුපැල්පොළ මහින්ද හිමිවරුන් ඇතුළු මහාසංඝ රත්නය වෙත මෙම වැඩසටහන පිලිබඳ පොත් පිළිගැන්වූ අතර උන්වහන්සේලාගේ ආශිර්වාදාත්මක ඇගයුම් ඒ සඳහා හිමිවිය.ෙ
ජවිපෙ එක්සත් රාජධානියේ සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි, රන්ජිත් විජේ සිරිවර්ධන, අජන්ත කහන්ගහ ආරච්චි, සුජිත් ගුණවර්ධන යන ජවිපෙ නියෝජිතවරු ඊට සහභාගී වුහ.
![JVP3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/JVP31.jpg)
![JVP4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/JVP41.jpg)
![JVP_1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/JVP_11.jpg)
![JVP2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/JVP21.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ මැතිවරණ අවස්ථා වලදී එයාලගේ ප්‍රතිපත්ති මීටපෙර ඡන්දදාකයන්ට නොපෙන්විමයි වැරදියි. මේ වෙලාවේ එහෙම කිරීම ඉතා හොඳ දෙයක්. මම හිතන්නේ ජ වී පෙ හිටපු පරණ අය හිතන්නේ හරිම ගතානුගතික විදියට කියලයි. නවීන ලෝකය තේරුම් ගන්න ඕනෑ.අලුත් විදියකට හිතනවා කියන්නේ මාක්ස්වාදයෙන් පිටයාමක් කියලා හිතන්නට එපා.අපි අලුත් පරම්පරාවකට ජවිපෙ නායකත්වය බාරදීලත් බලමු.මාවෝ සේතුං දැක්කේ නැති අය දැන් චීනය පාලනය කරනවා. රෝහණ විජේවීර දැක්කේ නැති අය ජවිපෙ නායකයෝ වෙලා. ඒවා එහෙම වෙන්නට ඕනෑ. මාක්ස්වාදයෙන් ගන්න පුළුවන් දේවල් අරගෙන අලුත් රටක් අලුත් පක්ෂයක් අපි හදමු. (නි)
ලංකාව වගේම දැන් නැගෙනහිර යුරෝපය ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට මුහුණදීලා. මාධ්‍ය සංදර්ශන කොතෙක් පෙන්නුවත් සමාජවාදය තුළ ඔවුන් විඳි සියලු අයිතීන් විනාශ වි එංගලන්තය ,ප්‍රංශය වැනි රටවල් වලට සංක්‍රමණය වෙමින් නොයෙක් දුක්විඳිමින් සමාජවිරෝධී වැඩවලද යෙදෙනවා.දැන් දැන් ඒ මිනිසුන් සත්‍ය දකිමින් නැවත සමාජවාදී පක්ෂ වටා පෙළගැසෙමින් අයිතීන් දිනා ගැනීම උදෙසා අරගල වල යෙදෙනවා. රණසිංහලා මීට වඩා ලෝකය ගැන දැනුවත් වියයුතුයි. (නි)
නැගෙනහිර යුරෝපයේ සමාජවාදය බිඳවැටුණු පසු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පවතින මැතිවරණ වලින් වසර 50 ක් පුරාම රට කළ කොමියුනිස්ට් පක්ෂ වලට 1% ක් වත් ඡන්ද දැන් වැටෙන් නැත්තේ එම පාලන ක්‍රමය හොඳ නිසාද නිමල් මහත්තයෝ? (නි)
ජවිපෙට ජයවේවා! (නි)
ජපුර සරසවියේ කීර්තිමත් උප කුලපතිවරයෙකුගේ පුත්‍රයෙකු මෙහි සිටීම ගැන සතුටු වෙමි. (නි)
මෙවරත් නිකම් පුස්ස බින්ඳා වගේ පැරදුනා නේද ? වැදගත් මිනිසුන්ට අපහස කළ පව පළදුන්නා.
රණසිංහ නැගෙනහිර යුරෝපය පෙන්වන බැවින් මම ඔහුට ලතින් ඇමරිකානු කලාපය දෙස බැලීමට යෝජනා කරමි. ඒ අතරම ලංකාව යනු නැගෙනහිර යුරෝපය හෝ ලතින් ඇමරිකාව හෝ නොවන බවද ඔහුට සිහි කැඳවීමට කැමැත්තෙමි.(නදී)
රාජ්‍ය ආරක්ෂවට හැම රටක්ම තුවක්කුව හා විවිධ අවි පාවිච්චි කරනවා රණසිංහ. සමාජවාදී රටවල් ආරක්ෂා කරන්න මහජනතාව. නිකන් බොරු මත පළ කරලා ජනතාවට වැරදි ආකල්ප ඇති කරන්න එපා. (බ)
ජයවේවා! (නි)
ඔය පොතේ අතීත ආවර්ජනයක් එහමෙ නැද්ද? (නි)
මෙවර ජවිපෙ ජයගන්නවා (නි)
දීප්ත, වෙනුසියුලාව හා කියුබාව හැර ඇතැම් ලතින් ඇමරිකානු රටවල සමාජවාදය නොව ඇත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. දත්ත අනුව පන්ති පරතරය, බහු ජාතික සමාගම් වල ඉඩම් මංකොල්ලය, ශ්‍රමය සූරාකෑම හොඳටම ඇත. එජාප රජයක් යටතේ පවා මෙයට වඩා දියුණුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වේ. ලංකාව එම රටවල් තරම් සම්පත් නැතත් ලෝකයේ බොහෝ දර්ශක වලින් ඉදිරියෙන් ඇත. (නි)
ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණ කාලෙට ප්‍රතිපත්ති ප්‍රකාශ එන්නේ ඇයි? උනුත් එකයි මුනුත් එකයි එහෙම කියපු ජවිපෙ ඔයාලත් එකයි එහෙම නෙවිද ? (අ)
නිමල්ලා මවාගත් සමාජවාදී ආණ්ඩු ගැන කතා කිරීම විහිළුවක්. ඔය කියන ආණ්ඩු කොහෙද තියෙන්නේ? (නි)
ජවිපෙ දිනුවොත් වෙන්නේ ඡන්ද ක්‍රමය නැති වෙලා තුවක්කුවෙන් රට පාලනය කිරීම. හැම කොමියුනිස්ට් රටක්ම එහෙමයි (බ)
නිමල් මහතාණෙනි, කියුබාව වියට්නාමය චීනය වගේ කොමියුනිස්ට් රටවලින් කැනඩාවට එන්න දඟලන හැටි මම හොඳට දකිනවා. උවමනාවන් අසීමිත නිසා අර්බුද හැම රටකම තිබෙනවා. වෝර්සෝ ගිවිසුමට යටත් වූ රටවල ඡන්ද ප්‍රතිඵලයන් බලන්න. ඒ වගේම ඔය වගේ ප්‍රායෝගික නැති ප්‍රතිපත්ති ප්‍රකාශයක් මම පැය 2 කින් හදලා දෙන්නම්. (නි)
මෙය මැතිවරණ ප්‍රකාශයක් නොවනවා පමණක් නොව රටේ විවිධ ක්ෂේස්ත්‍ර ආවරණය කරමින් රටේ වියතුන් බුද්ධිමතුන් සමග ජවිපෙ මුල් හදා ඇති විද්‍යාත්මක පදනමක පිහිටා එලි දක්වා ඇති රට හදන වටිනා වේද පිළිවෙලකි..එය එතෙක් මෙතෙක් දේශපාලන පක්ෂයක් ඉදිරිපත් කර ඇති ප්‍රායෝගික වැඩ පිළිවෙලකි..කරුණාකර මෙය හොඳින් කියවා ජවිපෙ තරුම් ගෙන ඔබේ යුතුකම 17 දින ඉටු කරන්න...(අ)
ජවිපෙ පැරදී නැත..මහින්ද රාජපක්ෂගේ අගමැති සිහිනය ජනතාව පරාජය කර ඇත..ජනතාවද පැරදුණු බව නොබෝ දිනකින් ඔප්පු වෙනු ඇත...ඒ මහින්ද පමණක් පරාජය කිරීම හේතුවෙනි...(ම)
වසර ගණනාවක් අපි රැවටුනා ඇති. දැන් ජවිපෙට අවස්ථාව දෙමු (නි)
එහෙ කට්ටියට ඡන්දෙ නැහැ නේද? (නදී)
ඉහත අදහස් පල කළ බුද්ධිමතුන්ට මගේ ගෞරවය .ජවිපෙ යනු අපේ රටේ ඉතා වටිනා දේසපාලන ව්‍යාපාරයක් .ඔවුන්ගේ ජය රටේ ජය වනු ඇත...(අ)
ජවිපෙ අතීත ආවර්ජන කරන අය දැන්වත් අවුරුදු 70ක් මේ රට පාලනය කළ පක්ෂ 2කේ අතීත ආවර්ජන කළොත් හොඳයි. එතකොටවත් තේරෙයි ජවිපෙ කළේ මොනවද , මේ පක්ෂ 2කේ අය මාරුවෙන් මාරුවට කරපුවා මොනවද කියලා. (නි)
ලංකාවේ දේශපාලනය රට තුළම තියාගැනීම වඩාත් උචිතය.පේනවා නේද අද ලංකාවේ දේශපාලනයට ඇතුළත් වුණ හාමුදුරුවරුන්ට තිබෙන ගරු සැළකීම්? බුදු දහමද? දේශපාලනයද? ධර්ම ප්‍රචාරයද? ඒ ගැන බුද්ධිමත්ව හිතන්න. (නි)
ජවිපෙ සමඟ අපි ඉන්නවා (නි)
ඉතාම හොඳයි (නි)
රණසිංහ, කරුණාකර අවදිවන්න (නි)
ජවිපෙ මෙවර වාර්තාගත ජයක් ලබනවා (නි)
ජවිපෙට ජය! (නි)
අපේ පවුලේ ජන්ද දෙන්න හිටියේ පෙරමුනට. හැබයි මහින්ද මහත්තයට ජනාධිපති තුමා යවල තිබන ලිපිය දැක්කම මෙයාලගේ වැඩ ඔක්කොම එලිවනවා. ඒක නිසා මෙදා සැරේ අපි ජෙ වී පියට ජන්දය දෙනවා එයාලගේ ගමන හොදයි වගේ. (නදී)