ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ පක්ෂ සංවිධාන කටයුතු වෙනුවෙන් සංචාරයක යෙදී සිටී.
ඔහු නිව්යෝක්, වොෂින්ටන්, නිව්ජර්සි හා කැනඩාවේ සංචාරය කිරීමට යයි.
ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ පක්ෂ සංවිධාන කටයුතු වෙනුවෙන් සංචාරයක යෙදී සිටී.
ඔහු නිව්යෝක්, වොෂින්ටන්, නිව්ජර්සි හා කැනඩාවේ සංචාරය කිරීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලියල තියෙන දේවල් දැකකම හිනා යනවා. (ර)
දැන් ඉතින් ඇමරිකන් කාරයොත් සමාජවාදීන් වෙයි එහෙනම් , රතු මල්ලිලට ජය වේවා කිවා ! (අ)
අපෙන් සුබ පැතුම්! (නි)
ඔන්න බලන්න අදහස් වලින් අපේ අයගේ කුහකකම මතුවෙන හැටි. (නි)
මේක බොරුවක් කවදාවත් ජ.වී පෙ කට්ටිය ඇමරිකාවට යන්නේ නෑ (අ)
ඇමෙරිකාවේ සමාජවාදය කොමියුනිස්ට් වාදය තහනම් වචන. ඔව්වට සහභාගී වෙලා අමාරුවෙන් ලබාගත්ත පුරවැසිකම අහෝසිකරගන්න යන්නේ කවුද? (ර)
ලලිත් ඇමරිකාව ගැන දන්නැති හැඩයි. මෙහෙ ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් දැරීමේ අයිතිය තිබෙනවා. එහෙම කොමියුනිස්ට් මත දරුවයි කියලා ග්‍රීන්කාඩ් එක හෝ පුරවැසිකම අහෝසි කරන්නේ නෑ. ඇමරිකාවේ කොමියුනිස්ට් පක්ෂයකුත් තියෙනවා. (ර)
අපගේ උණුසුම් සුබ පැතුම්! (නි)
ලංකාවේ ඉන්න අය වගේ ඇමරිකාවේ ඉන්න සාමාජිකයෝ රවටන එක නම් පහසු නැහැ. (නි)
ඇයි මේ මිනිස්සු ධනවාදී රටවලටම යන්නේ? මොකෝ කියුබාවට ගිහිල්ලා පදිංචිවෙන්නේ නැත්තේ? (නි)
ඇමරිකාවෙ ගිහින් තමන්ගේ මතය ප්‍රචාරය කරන්න ඉංග්‍රීසි හොඳින් තිබිය යුතුයි. මෙහෙ නම් ඉතින් තව කමක්නැහැ කියමුකෝ. "Situation" ලියලා තියෙන්නේ මහා අමුතුම විදිහකටනේ සහෝදරයා..!!! (නි)
මේ තමයි නියම දේශපාලනය. යන්න ලෝකය වටේම. අපි තාම බලනවා අලුත් චිත්‍රපටිය. අපි තවමත් මෝඩයිනේ! (නි)
මට නම් පව් කියලා හිතුනා ඉන්න කට්ටිය දැක්කහම. (නි)
දැන් සමාජවාදයේ තියෙන්නේ ඇමෙරිකාවේ වගේ. (ර)
සමාජවාදය කියන්නේ ලෝක පරිමාණ දෙයක් මහතුනේ. එ්ක තේරුම් ගන්න බැරි වීමම දුර්වලතාවයක්. අනික වසන්ත සහෝදරයා කතා කරන්නේ ඇමරිකාවේ ඉන්න මේ රටේ ඉපදුණු මේ රටේ ඉගනගත්තු මිනිස්සුන්ටනේ. ඉතින් කවදාහරි ජවිපෙ බලයට ආව දවසට මේ රට හදන්න නම් පිට රටවල ඉන්න අපේම සහෝදරයන්ගේ සහයෝගයත් ගන්න ඕනි නේද. (බ)
ජන ගඟක් ගලල වගේ රැස්වීමට. (බ)
මා සිතන්නේ මේ අය මේ ඇමරිකාවේ ළඟ එන මැතිවරණය සඳහා කටයුතු කිරීමට පටන් අරන් වාගේ , ඇමරිකාවේ වාසය කරන අපේ අයට ජේ වී පි එකෙන් කාව හෝ ඇමරිකා ඡන්දයට ඉදිරිපත් කිරීමක් වන්නට ඕනේ (බ)
ඇමෙරිකා එක්සත් ජනපදයේ විසිරී සිටින ජවිපෙ හිතවතුන්ට සුබම සුබ පණිවුඩයක්! ජවිපෙ ඇ.එ .ජ. කමිටුවට අපේ උණුසුම් සුබ පැතුම්! ජය වේවා! (නි)
ජවිපෙ කොහොමත් දැන් නිරතවන්නේ මොනවගේ දේශපාලනයකද කියලා රටම දන්නවා. (නි)
මට අර පැරණි කියමනක් මතක්වුණා. "ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ". ලංකාවේ කරන්න ඕනෑ වැඩ එමටයි. ඒවා හරියට කරනවා නම් ලෝකෙම ඉන්න ලංකාවේ අය උදව්වට එයි. හොයාගෙන යන්න ඕනෑ නැහැ. (නි)
කාපල්ලා ගිහිල්ලා ඇමරිකාවත්....(බ)
මේ කට්ටිය ඇමරිකාවට ගොස් තිබෙන්නේ එහි සමාජවාදය ස්ථාපිත කිරීමට වන්නට පුළුවන්. ලාංකිකයන් හැටියට ඔවුන්ට උදව් කරමු (නි)
චානක, සමහරවිට ලොස් ඇන්ජලිස් පැත්තේ ඇත්තේ වෙන නීතියක් වෙන්න ඇති. (නි)
අනේ වසන්ත, ලෝකය පුරා ඉන්න අපේ සිංහල අය දැන් වැඩි දෙනෙක් කැමැති ජේවීපි එකට (නි)