පැරණි උරග ඩයිනෝසරයකු මුහුදේ පිහිනා යන ආකාරය පරිගණක මාධ්‍ය භාවිතයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට විද්‍යාඥයෝ පිරිසක් කටයුතු කළහ. මේ ජීවීන්ගේ අස්ථි සැකැස්ම තිබූ ආකාරය සියුම්ව අධ්‍යයනය කරමින් ඔවුන් ස්වභාවික පරිසරයේ හැසිරුණු ආකාරය මෙමගින් නිර්මාණය කර තිබේ.
එංගලන්තයේ ඩෝසට් කදු බෑවුමේ තිබී මේ ෆොසිලය සොයාගන්නා ලද්දේ අදින් වසර 200ට පමණ පෙරාතුව මාරි ඇනින් නමැති කාන්තාවක විසිනි. ඇගේ පවුලේ ව්‍යාපාරය වී ඇත්තේ ෆොසිල එකතුකර විකිණීමයි. පැරණි වාර්තාවලට අනුව ඇය මේ ෆොසිලය සොයාගෙන ඇත්තේ 1821 වර්ෂයේ දී ය. ඒ වනවිට ලොව විද්‍යාඥයන් ඩයිනෝසර යන වචනය හා ඔවුන්ගේ ජීව විද්‍යාත්මක දත්ත පවා වාර්තා කර තිබුණේ නැත.
උරගයකු වූ මේ ෆොසිල ජීවියා දැන් නම්කර ඇත්තේ ප්ලෙසිඕසර් නමිනි. විද්‍යාඥයන් පවසන්නේ මේ ජීවියා තම ඉදිරිපස ගාත්‍රා යොදා ගනිමින් පෙන්ගුයින් ආකාරයෙන් ජලයේ පිහිනා ගොස් ඇති බවයි.
ෆොසිලය සොයා ගැනීමෙන් වසර කිහිපයකට පසු විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන මාරි පවසන්නේ තමන්ට හමුවූ මේ ෆොසිල ජීවියා ගාත්‍රා උපයෝගී කරගෙන ජලයේ පිහිනූ ආකාරය පුදුම සහගත බවයි. කෙසේ වෙතත් ඇගේ මේ සොයාගැනීම මත පදනම්ව පරිගණක අනුරුවක් නිර්මාණය කළ එංගලන්තයේ නොටින්හැම් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ආචාර්ය ඇඩම් ස්මිත් පවසන්නේ ජලයේ පාවී යන ඔරුවක හබල් ක්‍රියාත්මක කරන ආකාරයෙන් මේ මුහුදු ජීවියා තම ගාත්‍රා උපයෝගී කරගෙන පිහිනා යන්නට ඇති බවයි. මේ ජීවියා වර්තමාන කැස්බෑවාගේත් පෙන්ගුවින්ගේත් සංකලනයක් වැනි ස්වරූපයක් ගන්නට ඇතැයි ද පර්යේෂකයන්ගේ විශ්වාසයයි.
‘‘මේ සතාගේ පිහිනීම පවා කැස්බෑවන්ගේ හා පෙන්ගුවින්ගේ පිහිනීමේ සම්මිශ්‍රණයක් බව අප කළ පර්යේෂණවලින් පෙනී ගියා. කෙසේ වෙතත් මේ සත්ත්වයා ජලයේ ඉතා දරුණු විලෝපිකයක් වන්නට ඇත. ඔවුන්ට පියාපත් වැනි ඉදිරි ගාත්‍රා තිබීම සත්ත්ව ලෝකයේ ඉතා අද්විතීය හිමිකමක්. ඔවුන් අද සිටිනි විශාල කිඹුලන් වැනි භයංකාර සත්ත්ව කොට්ඨාශයක් බවනම් පැහැදිලියි. “
විද්‍යාඥයෝ මේ අපූරු සත්ත්වයා ගැන එසේ කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ හුඟක් අය මුහුදේ සිටි විශාල සතුන් දැක තිබෙනවා. සමහරවිට තවමත් මේ වගේ සතුන් මුහුදු පතුලේ ඉන්න පුළුවන් (නි)
මාරි ඇනින්, බොහොම ස්තුතියි මේ සොයාගැනීමට! (නි)
මේවා කියවනකොට පුදුම හිතෙනවා (නි)