සමාජ ජාලවල පළ කළ ඡායාරූපයක් හේතුවෙන් පකිස්ථාන තරුණයෙකු ට (18) නිරූපණ ශිල්පියෙකු වීමට අවස්ථාවක් ලැබුණු බව වාර්තා වෙයි.ඊට හේතුව ඔහුගේ ඡායාරූපය සමාජ ජාලා වල ප්‍රසිද්ධ වීමයි.ඔහුගේ ඡායාරූපය ‘චායි වාලා‘ නමින් ඉන්දියාවේ ද ප්‍රසිද්ධ විය.යුද්ධයෙන් සහ ක්‍රිකට් වලින් එකිනෙකට විරුද්ධ වුවද ‘චායි වාලා‘ සම්බන්ධයෙන් ඉන්දියාව සහ පකිස්ථානය එකම රටක් බව බොහෝ අය කියති.
නිල් ඇස් සහිත අර්ෂාද් ඛාන් බොජුන් හලක සේවය කළ අයෙකි.එහි තේ සාදන ඡායාරූපයක් මෙලෙස ප්‍රසිද්ධියට පත් විය.මේ වන විට තමන්ට මාධ්‍ය සාකච්ඡා වලට ආරාධනා රැසක් ලැබී ඇති බවත් නිරූපණ ක්ෂේත්‍රයට පා තැබීමටද අවස්ථාවක් ලැබුණු බවත් ඔහු පැවසීය.අන් අය තමාගේ ඡායාරූප ගැනීම තමන් ප්‍රිය නොකරන මුත් එම ඡායාරූපය නිසා තම ජීවිතය වෙනස් වූ බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාව ආවම වැල්ලේ ගැහුවත් බමරේ කැරකෙනවා කියන්නේ ඔන්න ඕකට තමයි. (අ)
පාකිස්තානයේ කිලෝමීටර් දහස්ගණන් දුර යන ට්‍රක් රථ නතරකර රියදුරන් ගිමන් හරින පුංචි කඩ තියෙනවා. ඒවායේ හදන 'චායි' රස විඳින්න වාසනාව තියෙන්න ඕනෑ කියලයි මට හිතෙන්නේ. ඒ තරමට මිහිරියි. 'චායි' හදන්නා ඒ සඳහා විශේෂ හැකියාවක් ඇති අයෙක්. මේ අර්ෂාද් ඛාන් එහෙම කෙනෙක් වෙන්න ඇති. (නි)
වාසනාවන්ත ඇස් (බ)
ඒකනේ කියන්නේ නිල්පාට වාසනාවන්තයි කියලා (නි)