IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජීවිතය උදෙසා මාරාන්තික සටනක්

පැවැත්ම උදෙසා තවත් අයකු ගොදුරුකැර ගන්නා සත්ත්ව ලෝකය බියකරු අනුකම්පා විරහිත ස්ථානයකි. නිරිතදිග එංගලන්තයේ ඩොයට් හි අබෝට්ස්බරි කලපුවේ ගොදුරු හොයා කිමිදුණු දියකාවකු සමඟ ආඳකු සිය ජීවිතය වෙනුවෙන් කරන අවසන් අරගලය රිචඩ් ඔස්ටින්ගේ කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.

දිය යට දී ගොදුර ඩැහැගන්නට උත්සාහ ගන්නා දිය කාවා ඉහළට මතුවන්නේ තමන් අල්ලාගත් ආඳා හොටෙන් ඩැහැගෙනය. නමුත් ආඳා දියකාවාගේ හොටයේ හිරවී සිටිමින් කරන දැඟලීම නිසා දියාකාවාගෙන් ආඳා ගැලවී යයි. එසේ වුව ද දියකාවා ආඳාට ඉඩක් දෙන්නේ නැත. තම හොටයෙන් ආඳා යළි ඉහළ අවකාශයට විසිකැර දමයි. ජලයෙන් ඉහළට විසිවී යන ආඳා තම හැඩය වෙනස් කරමින් වෙනත් තැනක් ඉලක්කකැර ගනිමින් යළි ජලයට ම වැටෙන්නට උත්සාහ ගත්ත ද දියකාව තම ගොදුර අතහරින්නේ නැත. දඟර ගැසුණු ආදා යළි සුරැකිව අල්ලා ගනී. නමුත් දිගින් දිගට ම ගැලවීමේ උත්සාහයක යෙදෙන ආඳා නැවතත් දියකාවාගේ හොටයෙන් ගැලවී යන්නට  සමත් වුව ද නැවතත් දියකාවාගේ ශක්තිමත් හොටයට හිරවන්නේ ගැලවීමක් නොමැති අයුරිනි.

ඔස්ටින් පවසන්නේ විනාඩි පහක පමණ සටනකින් පසු පරාජය වූ ආඳා දියකාවාගේ සවස ආහාරය වූ බවයි.

Diyakawa (1)

Diyakawa (4)

Diyakawa (3)

Diyakawa (6)

Diyakawa (2)

 



අදහස් (0)

ජීවිතය උදෙසා මාරාන්තික සටනක්

රංග Wednesday, 30 July 2014 12:12 PM

කොටියා මිනිහෙක් කන්න ඇවිල්ලා හිටියොත් අනිල් එනවද බේරගන්න? තම තමාගේ ජීවිතය බේරගන්න එක තමයි හැමෝම පළමුව කරන්නේ. (නි)

:       0       0

පහන් Tuesday, 29 July 2014 01:08 PM

ජයත් ස්වභාවික නීතිය වෙනස් කරන්න හෝ වෙනස් කිරීමට උත්සහ කලොත් අපත් කරන්නේ වැරද්දක් නේද? (අ)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 29 July 2014 06:40 AM

ආඳා ගැන නම් දුකයි ! දුර්ලභ ගණයේ දක්ෂ රූ ගත කිරීමක්.ඉතාමත් ශ්‍රේෂ්ටයි (අ)

:       0       0

ජයත් Tuesday, 29 July 2014 06:49 AM

පින්තුර අරගෙන බලාගෙන හිටියේ මෙයාට මේ සතාව බේරගන්න තිබුන නේ ! ඕක සංස්කෘති වෙනස ! (අ)

:       0       0

අනිල් Tuesday, 29 July 2014 01:58 PM

කොටියෙක් මිනිහෙක්ව ගොදුරක් කරගත්තනම් එකත් ස්වභාව ධර්මයද (අ)

:       0       0

සමන්දිසානායක Tuesday, 29 July 2014 03:01 PM

එකත් ඇත්ත (අ)

:       0       0

දීපාල් Wednesday, 30 July 2014 06:28 AM

මම මේ වගේම සිදුවීමක් රූපගත කරලා තියනවා. අවස්ථාවක් ලැබෙනවා නම් ඒක ලංකාදීපයට දෙන්න කැමතියි (නි)

:       0       0

ජයාත් Wednesday, 30 July 2014 06:43 AM

පහන්, මැරෙන්න යන සතෙක් බේරාගැනීම ස්වභාව ධර්මයට ඇඟිලි ගැසීමක් විදියට මම නම් දකින්නේ නැහැ (නි)

:       0       0

සාලිය Tuesday, 29 July 2014 07:43 AM

ජගත් ස්වභාවධර්මයට ඇඟිලි ගහන්ඩ හොඳ නෑ..(අ)

:       0       0

සේරම් Wednesday, 30 July 2014 07:00 AM

දියකාවාගෙන් ආඳා බේරාගැනීම නොකළයුත්තක්.ඒක සොබාදහමින් දියකාවට දී තිබෙන ආහාරය (නි)

:       0       0

මලික් Wednesday, 30 July 2014 09:00 AM

මේවට මොන පැත්තට කතා කලත් වැරදියි .මොකද දියකාවා පලතුරු කනවද. (අ)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 30 July 2014 04:14 PM

කතාවට කියන්නේ ආඳා වගේ ලිස්සලා යනවා කියලා! ආඳා ලිස්සන නිසයි දියකාවාට ප්‍රශ්නයක් වුණේ. මාලුවෙක් වුණා නම් ඉතා සුළු ගේමක් දියකාවාට! දක්ෂ රූගත කිරීමක් ! (නි)

:       0       0

තිස්ස Wednesday, 30 July 2014 12:09 AM

ජයත්,පහන් බණ නම් කතා කරනවා .....කෙරුවාව ! (අ)

:       0       0

හංසි Thursday, 30 October 2014 04:04 PM

නියමයි. (ර)

:       0       0

රුෂාන් Wednesday, 30 July 2014 11:15 AM

දක්ෂ කැමරා ශිල්පියෙක්. (නි)

:       0       0

හේමන්ත Tuesday, 29 July 2014 12:03 PM

මේකා ආ‍ඳෙක්ද? තෙලියෙක්ද? (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 29 July 2014 06:36 AM

ලස්සන දර්ශන පෙළක් වීඩියෝ දසුන් තිබුනා නම් කොච්චර අගෙයිද (නදී)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site