IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


‘‘ජීවිතය අවදානම්. ඒත් සතුටුයි‘‘

උග්‍ර විෂ සහිත සර්පයන් 600ත් 1000ත් අතර ප්‍රමාණයකගේ විෂ සතියක දී ඉවත්කරන බව ඇමෙරිකාවේ කන්ටුකි උරග උද්‍යානයේ භාරකරු ජිම් හැරිනසන් පවසයි.

මේ උරග උද්‍යානයේ නාගයන් ඇතුළු විෂ සහිත සර්පයන් 2000ක් පමණ සිටිති. ඇතැම් විට මෙය ලෝකයේ විශාලත ම සර්ප එකතුව විය හැකියැයි විදෙස් මාධ්‍ය පවසයි. 55 වැනි වියේ පසුවන ජිම් ඔහුගේ ආවරණයක් නැති අත්වලින් දිනපතා සර්පයන් කිහිප දෙනකුගේ හිස ඉහළට අල්ලා වීදුරු බඳුනක් හපන්න සළස්වා විෂ එතුළට විද්දවයි.

ඔහුගේ බිරිය 37 වියැති ක්‍රිස්ටින් ද මෙයට සහය වෙයි.

ජිම් පවසන්නේ තමන් භාරයේ සිටින සර්පයන් අට වතාවක් තම අත් දෂ්ඨ කැර ඇති බවයි. වරක් උග්‍ර විෂ සහිත පොළඟකු දෂ්ට කිරීමෙන් සති හතරක් රෝහල්ගත වී සිටි බව ද ඔහු කියයි. ජිම්ගේ ඇතැම් ඇඟිලි තුඩු හා නියපොතු අහිමි වී ඇත. අත් දෙක පුරාම තුවාල හා කැළැල් දක්නට ලැබේ. එහෙත් ඔහු පවසන්නේ ඒ ගැන කණගාටුවක් නොමැති බවයි.

‘‘ මා මේ එකතුකරන විෂ තවත් ජීවිත ගණනාවක් බේරාගැනීමට උදව්වන නිසා මට විටින් විට විඳින්නට සිදුවන වේදනාව මා අමතක කර දමනවා. ඇල්ෂමයර් රෝගයටත්, ආඝාතයටත් ඇතැම් වෛරස් රෝගවලටත් ප්‍රතිකාර වශයෙන් මේ විෂ යොදා ගන්නවා. ‘‘

ඇතැම් සමේ රෝග හා පියයුරු පිළිකා සුව කිරීම සඳහා සුදුසු ඖෂධ ගැන පර්යේෂණ සඳහා ද මේ විෂ යොදා ගන්නා බව සෞඛ්‍ය අංශ පවසයි.

ජිම් එකතුකරන විෂ වෛද්‍ය විද්‍යාල, ඖෂධ සමාගම් හා ජෛව වෛද්‍ය පර්යේෂණ ආයතනවලින් මිලදී ගනී.

Reptile (1) Reptile (2) Reptile (3) Reptile (5)



අදහස් (0)

‘‘ජීවිතය අවදානම්. ඒත් සතුටුයි‘‘

ගාමිණී සිරිවර්දන Wednesday, 03 September 2014 09:15 AM

සර්ප විෂ උරන,බෙහෙත් ගල් ළඟ තියාගෙන සිටින අපේ නයි පනික්කියන්ගේ සමහරුන්ගේ අත් වලත් ඇඟිලි කොටයි.සතුට කෙසේ වෙතත් අයියේ, අත් ආවරණ පැළඳීම නම් සුභයි ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 384 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site