අන්තර් ජාතික ආර්ථික දත්ත විශ්ලේෂණ ආයතනය ඊයේ (19) ලෝකයේ ජීවත් වීමට සුදුසුම නගර පහ නම් කළ අතර එයින් පළමු තැන හිමි වී ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරයටයි.
දෙවැනි සහ තුන්වැනි ස්ථානවලට පත්ව ඇත්තේ ඔස්ටි‍්‍රයාවේ වියානා සහ කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා ප‍්‍රාන්තයේ වැන්කුවර් නගරයයි. සිව්වැනි ස්ථානයේ ඇත්තේ ටොරොන්ටෝ නගරයයි.
පස්වන ස්ථානය ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඩි නගරයට හිමිව ඇත. ජීවත්වීමට නුසුදුසුම නගරය ලෙස නම් කර ඇත්තේ සිරියාවේ ඩමැස්කස් අගනුවරය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ සෑහෙන කාලයක් තමන්ව නඩත්තු කරන්න ලැස්ති ඥාතියෙක් හිතවතෙක් නැති නම් තාවකාලික විසා අරන් ඇඩිලේඩ් එන්න එපා. කොච්චර වෘත්තීය සුදුසුකම් උගත්කම් තිබුනත් තමන්ට කැමති රැකියාවක් සොයා ගන්න අමාරුයි. විරැකියාව වැඩිම ඇඩිලේඩ් වල. මේවා කියන්න අපිට බයයි මොකද මිනිස්සු හිතනවා අපි කුහක කමට අනෙක් මිනිස්සු එනවාට ඉරිසියාවේ කියලා. වෙන යන්නම තැනක් නැතිනම් එනවා මිසක් පුළුවන් නම් ඇඩිලේඩ් නැතිව වෙන නගරයකට යන්න. (නදී)
මමත් ඉන්නේ යුරෝපා රටක. කට්ට කාගෙන අමාරුවෙන් පොඩි ජොබ් එකක් කරගෙන ඉන්නවා. රැකියාවෙන් පසු නිදහස සහ මානසික සුවය, හැදියාව ඇති මිනිසුන් නිසා ලංකාවට වඩා මෙහේ හොදයි. කට්ට කන්න පුලුවන් අය එන්න මුසා බස් වලට නොරැවටී මෙහි එන්න (නදී)
ළිදෙන් වතුර බිලා ගගට ආවඩන කට්ටිය ගොඩක් ලංකාවේ ඉන්නවා.(ම)
දැන් හරිනේ මෙල්බර්න් වලට කඩේ ගිය කට්ටියට. ලෝකේ ඕනෑම මිනිසෙක් තමන් උපන් බිම තමයි ඔහුගේ ප්‍රියතම තැන. (නි)
අන්තර් ජාතික ආර්ථික දත්ත විශ්ලේෂණ ආයතනයේ සුද්දෝ ශ්‍රී ලංකාවේ ගමක සුන්දරත්වය වින්දානම් එය අංක 1 කරන බවනම් ස්ථිරයි (ම)
රට ඉන්න අය මොකද මෙච්චර මෙල්බර්න් ඉන්න බැහැ කියන්නේ. මට අහන්න තියෙන්නේ අමාරු නම් මොකද එහෙට වෙලාම ඉන්නේ? (නි)
ඔන්න පිවිතුරු යහපාල එහෙත් විනාස කරන්න යන්න හදන්නේ. මෙල්බර්න් වැසියෝ පරිස්සමින් ඉන්න. (නදී)
ඔන්න මෙල්බර්නුත් ඉවරයි එහෙනම් (නදී)
ඇඩිලේඩ් ඉන්න යාලුවෙක් කිව්වා ඒ ප්‍රාන්තයේ , ලංකාවේ උගත් සංක්‍රමනිකයකුට හරි හමන් රස්සාවක් සොයා ගන්නවාට වැඩිය අම්පාරේ හේන් ගොවිතැන් කරන එක ලේසියි කියලා (බ)
මෙල්බෝනේ වල ලමිස්සියන්ට පාරේ යන්න පුළුවන් මොකද එහෙ ගණිකා වෘතිය නීති ගත කරලා තිබෙන නිසා. නමුත් කාර් එකක් පාරේ නවත්වල තියන්න බෑ විදුරු කඩල ඇතුලේ තිබෙන දේවල් ගන්නවා. සල්ලි තිබුනත් ලෙඩක් හැදුනම බේත් ගන්න දොස්තර කෙනෙක් හමු වෙන එක ලේසි නැහැ. සියලු දේ මුදල් දීල ගත යුතුවේ (නදී)
මමත් මෙල්බර්න් වල දැන් අවුරුදු 9 වෙනවා.ඇත්තටම මෙහෙ තියෙන්නේ සූරාකෑමක්.සුද්දෝ අපි උපයන ඔක්කොම සූරාකනවා.ඒ නිසා ඉතුරුකරන්න බැහැ.මම හිතන්නේ මේ රට හොඳයි ලංකාවෙන් ආ බෝට්ටුකාරයන්ට සහ ජර්මන් ටෙක් මැෂින් වලට. (නි)
බඩු ගිනි ගණන්, ගෙවල් කුලී හරි ගණන්. කලබලකාරී පරිසරය. මනුස්සයෝ නම් හොඳයි. (නි)
මට නම් ගම්පහ තමයි හොඳම තැන (නදී)
ඉතින් රන්ජිත් මොකද ඔච්චර පහත් විදියට සමච්චලයට කතාකරන නගරයක ජීවත්වෙන්නේ. ගණිකා වෘත්තීය නීතිගත කරලා නොතිබුනාට ලංකාවේ ඒ දේවල් සමහර ඉහළ අනුග්‍රහ පවා ඇතුව සිද්ධවෙනවා කියලා ඔය ආරංචි වෙන්නේ. ඉතින් එහෙම වෙලත් ලංකාවේ පිරිමින් අර කිව්වත් වගේ නාන බවලතෙකුටවත් නිදහසේ ඒ වැඩේ කරගන්න දෙන්නේ නැති අරුම පුදුම රටක් කියලා ඔන්න දෙයියෝ සාක්කි තීරයේ කතාවකිනුත් ඔප්පු වෙනවා.කියවලා බලන්න. (නි)
යන්න ඕනෑ එහෙනම් ඒ පැත්තේ.... (නි)
යම් තැනක ජීවත්වීමට සුදුසු බව තීරණය කරන්නේ අදාළ තැන මිනිසෙකු ලෙස ජීවත්වීමට අවශ්‍ය සියලු සාධක වල පැවතීම පදනම් කරමින්. මේ තැනට ළඟාවීමට අපිට තවත් අවුරුදු 500 ක්වත් යයි මේ යන විදිහට. ඒක මේ රටේ මිනිස්සුන්ට තේරෙන්නටත් තවත් අවුරුදු 500 ක්වත් යයි. සදාචාරය, සංස්කෘතිය, නීතිය සහ විනය අතින් අපි තවමත් ඉන්නේ අර කියපු තරම් දුරකින්. (නි)
ජයන්ත කියපු කතාව ඇත්ත.(නදී)
මට නම් ඊට වඩා මැදමුලන කියන නගරය 1000 ගුණයක් හොඳයි. (නි)
බයවෙන්ද එපා තව අවුරුදු හතරෙන් කොළඹ තමයි.(ම)
ඇත්ත. සල්ලි තිබෙනවා නම් කොහෙත් හොඳයි (නි)
අපේ රටෙත් බෙන්තර ගඟෙන් එහා හොඳටම හොදයි.මෙහා තමයි ටිකක් විතර නරක. (නි)
ඇයි අපේ රට හොඳ නැද්ද? (නි)
ලංකාව තමයි හොඳම තැන කියල තේරුම් ගන්න ගොඩක් කල් යයි මොකද කොටියට උත්තර දෙන්න ඕනේ යුද්දෙන්මයි කියල තෝරලා දෙන්න මේ රටට අවුරුදු 30 ක් ගියා (නදී)
සල්ලි තිබෙනවා නම් ඕනෑම රටක් හොඳයි. ලංකාවේ හොඳ ආදායම් මාර්ගයක් තිබෙනවා නම් අපේ රට තමයි නියම රට. දේශපාලනය තුළින් රට ව්‍යාකූල කරලා තිබෙන්නේ. මමත් රටවල් 14 විතර දැනට වැඩකරලා තිබෙනවා. ඔය කියන තරම් ලොකු වෙනසක් නැහැ. හැමකෙනාම මහන්සිවෙලා වැඩ කරනවා. ඒ ඒ දේට සමානව හොඳ පඩියක් ලැබෙනවා. වෙනස ඕකයි (නි)
ගිහාන් කියන එකේ ලොකු ඇත්තක් තියෙනවා. මම එකඟ වෙනවා. (නදී)
සනත්, ඔය කියන රටේ පාර්ලිමේන්තුවේ මෙහේ වගේ අය නැහැ.එහෙම කළ නිසානේ ආදායම් විෂමතාවය අඩුවෙලා තියෙන්නේ. (නි)
අපේ නම නැද්ද? (නි)
ඉනියා දේශප්‍රේමයෙයි කුහක කමෙයි වෙනස දන්නා කෙනෙක් මට කියා දෙන්න කරුණා කරලා. හොඳ දේට හොඳ නොකිය හොඳ නැතත් අපි උතුම් යයි පාරම් බෑම ඉනියා දේශප්‍රේමයද කුහක කමද... මහතුනේ. (නදී)
යහමින් කරගෙන හිටපු රැකියා දමල ගහලා දරු පවුල් සමග වැඩි තණ්හාවට රට ගිහින් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පැන පැන රැකියා සොයමින් අතේ තියෙන තුට්ටු දෙකක් නැති කරගෙන බැන බැන ඉන්න පිරිසකුත් සිටිනවා. මේ ලස්සන නගරයේ. (නදී)
මොන නගරයත් ජීවත්වෙන්න හොඳයි සල්ලි තිබෙනවා නම් (නි)
අපිට කොහොද එතරම් වාසනාවක්.(හේ)
මමත් මේවා ඔක්කොම දමලා ගහලා මෙල්බන් යන්න හිතාගෙන ඉන්නේ. (නි)
සිල්වා ගිය ඉස්කෝලේ මොකක්ද මහත්තයෝ (නදී)
සැමට නීතිය සමානය. අනෙකාට අවශ්‍යවිට උදව් කරයි. කාලගුණය හිතකරය.විවිධ ජාතීන් සමගිව වාසය කරයි. (නි)
කතාව ඇත්ත. ලංකාවේ හොඳම තේ බොන්න. කීරමල බුද්ධ ධර්මය ඉගෙන ගන්න මෙල්බර්න් වලට එන්න. (නදී)
හරියට පාරක් තොටක් තිබුනා නම් අපේ මීමුරෙත් හොඳ තැනක් තමයි. (නි)
ලෝකේ කොයි නගරයත් හොඳයි ජීවත් වෙන්න. මොකද එය හොඳ බවටත්, නරක බවටත් පත් කරන්නේ ජීවත් වන මිනිසුන්මයි. (නදී)
මෙල්බර්න් නගරය තුළ පොල් පැලයක්,පලා ටිකක් වගාකරගන්න පුලුවන්ද? කුරහන් මඤ්ඤොක්කා කාපු අපිට හොඳ ශ්‍රී ලංකාව විතරයි. (නි)
සනත් එහෙනම් මොකටද සුද්දන්ට දොස් කියමින් ඒ රටේම ජීවත් වෙන්නේ. (ම)
මම නම් මෙල්බර්න් නගරයට ගිහින් නැහැ. හැබයි අපේ ලොකු අම්මා මාස 6 කට ගිහින් මාස 3 නෙන් ආවා, මොකද ඉන්න බැහැ කියලා. එයාගේ දුවයි පුතයි ඉන්නේ එහෙ .ලොකුඅම්මා කිවුවේ ලංකාව මට සුරපුරයක් කියලා. ඉතින් කවර නම් කතාද? අපිට සුදුසු අපේ රට. (නි)
ජීවත්වීමට සුදුසු නගර උගත්,බුද්ධිමත්,ප්‍රජාතන්ත්‍රවාදී,නීතියේ ආධිපත්‍යය පිලිගන්නා,රාජ්‍ය මූල්‍ය අවභාවිතා නොකරන,ව්‍යාපෘතිවලින් කොමිස් නොගසන දේශපාලඥයන් සහ බුද්ධිමත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ අවබෝධයක් තිබෙන අදහස් ඇති ජනතාවක් සිටීම එම දියුණුවට හේතුව වේ.(නදී)
තව ටික දවසකින් මේ සේරම පරද්දනවා අපේ ලංකාව....(ම)
කාලයක් නෝර්වේ කියලත් හැඳින්වුවා නේද? (නි)
සිල්වා, මට කියන්න සල්ලි තිබුණට කොහොමද මේ දේවල් ලංකාවේ ලබන්නේ කියලා. ජාතික සංහිඳියාව, ආරක්ෂාව, අපරාධ ප්‍රතිශතය, දේශපාලන වටපිටාව, මත්ද්‍රව්‍ය, නිස්කලංකබාවය, පරිසර දුෂණය, නවීනත්වය වගේ දේවල් ලංකවේ කොයි නගරයේද තියෙන්නේ? (නි)
සිල්වා, නිකන් පුරාජේරු දොඩවන්න එපා මහත්තයෝ. සල්ලි තිබුණා කියලා පිටකොටුවේ ඇවිදින්න පුලුවන්ද ගණිකාවන්ගෙන්, පොකට්කාරයන්ගෙන්, කුඩ්ඩන්ගෙන් බේරිලා ලන්ඩන් වල වගේ.පොලිසිය, ආණ්ඩුවේ කන්තෝරු ජරාව කන්නෙම නැද්ද? (නි)
සිල්වා, මට කියන්න ලංකාවේ සල්ලිකාරයෝ කොහොමද ආසනික් නැති හාල් වලින් බේරෙන්නේ? කප්පම්කාරයන්ගෙන් බේරිලා ඉන්නේ? ජරාවක් නොදී වැඩක් කරගන්න? නිකන් බොරු මානසිකත්වයෙන් මිදෙන්න මහත්තයෝ. (නි)
කොළඹ නගරයත් ලස්සන කරලා ලෝකේ හොද තැනකට ගෙනාවා මාස 6 ලෝකේ ගදම නගරය කළා.(අ)
ලංකාවේ ඉන්නේකිසිම විනයක් නැති හරියට පාර පනින්නවත් දන්නේ නැති වාහනයක් මාර්ග නීතියට එලවගන්න බැරි මිනිසුන්ට ගරු නොකරන වදුරෝ වගේ මිනිස්සු. මුන්ව හොද නගරයකට දැම්මත් වැඩක් නැහැ ජීවත් වෙන්න දන්නේ නැහැ. මුල ඉදලම විනය සහ ආකල්ප වෙනස්කර හැදිය යුතුයි. සත්‍ය වසන් කරමින් අපගේ ප්‍රොඩත්වය විදහාපාන කෙබර කොමෙන්ටු දැමීමෙන් බාල පරපුර ඇන්දීමකට ලක්වෙන අතර ලෝකය නොදුටු ඔවුන් අතරමන් කරනවා (නදී)
සිංහල ජනතාව වැඩියෙන් පදිංචි වී සිටින්නේද මෙල්බර්න් වලයි. (නි)
ලංකාව ඔය තත්වයට එන්නේ ලමිස්සියකට පාරේ දෙපැත්තේ පිරිමින්ගේ විසිල් පාරවල් නැතුව යන්න ලැබිලා, කාන්තාවකට හොරෙන් බලන මිනිස්සු නැතුව ළිඳක් ඇළක් ළඟ නාන්න පුළුවන්, අවුරුදු 70 ආච්චිට අතවරයට ලක්නොවී තනියම ගෙදර ඉන්න පුළුවන් දවසක් අපේ රටට ලැබුනාම. මේක සල්ලි විතරක් නිර්ණායක කරගෙන කෙරුන තේරීමක් නෙමෙයි. (නි)
මමත් මෙල්බෙර්න් වල වසර තුනක් වැඩකරා දැන් ඉන්නේ ඩුබායි වල නමුත් මෙල්බෙර්න් වල බදු බර ගෙවල් කුලී සහ භාණ්ඩ වල මිල හරිම වැඩයි හම්බකරන මුදලෙන් 70% රටට ගන්නවා ලංකවේ ගොඩක් කට්ටිය ඉගන ගන්න ඇවිල්ල සිටිනවා අමතර රැකියාවල් කිහිපයක් කරලා තමයි මුදල් හම්බ කරගන්නේ ගොඩක් ඔය කියන සිහින ලෝක නැහැ කවුරුත් කියන්නේ නැහැ නරක පැත්ත මුදල් සහ හොද රැකියාවක් තිබෙනවානම් හොදම රට ලංකාව ඉදිරියේදී අපේ ලංකාව ඒ දෙසට ගමන් කරයි කියා හිතෙනවා සැමට ජය !! (අ)
මම ඉන්නේ පිටරට. ලංකාව තමයි හොඳම රට. තේරෙන්න කල් යනවා. (නදී)
අමා, ඔයා කැමතිද සල්ලි තියාගෙන, මිනීමැරුම්, වංචා, දුෂණ වෙන නගරෙක ජීවත්වෙන්න. සල්ලි තිබුනට ඔක්කොම දේවල් සම්පුර්න වෙන්නේ නෑ (අ)
මොහොතින් මොහොත වෙනස්වන දේශගුණය නැත්නම් ඇත්තටම හොඳයි. ඒ හැරුනම අනෙකුත් ප්‍රදාන නගරත් ලොකු වෙනසක් නැත. (නදී)
කවදද අපේ නගරයක් අඩුම තරමේ ලොව දසවන තැනටවත් එන්නේ? (නදී)
උපසේන හරි. වැලි ගල් නැති ලංකාවේ හාල් ටිකක් හොයා ගන්න මෙල්බන් එන්න. (නදී)
ඉරාකයේ බණ්ඩාරගේ කටේ රත්තරන් දාන්න ඕන (අ)
ජීවත් වීමට සුදුසුම නගරය මෙල්බර්න් තමා. එම සුදුසුකම ලැබෙන්නේ ප්‍රදාන වශයෙන්ම රටේ නීතිය සහ විනය සුරැකෙන නිසා. ලංකාවටත් බැරි නෑ .(ම)
මෙල්බර්න් හොඳයි තමයි රස්සාවක් තියෙනවනම්. අපි ඇවිත් අවුරුදු 3ක් වෙනවා. තාම හිතපු රස්සා හම්බුණේ නෑ. ආවෙනම් ප්ලේන් එකෙන් තව අවුරුද්දක් බලලා ආපහු බෝට්ටුවෙන් ලංකාවට එන්නයි හිතාගෙන ඉන්නේ. (බ)