IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ජීවත් වීමට සුදුසුම නගරය මෙල්බර්න්

අන්තර් ජාතික ආර්ථික දත්ත විශ්ලේෂණ ආයතනය ඊයේ (19) ලෝකයේ ජීවත් වීමට සුදුසුම නගර පහ නම් කළ අතර එයින් පළමු තැන හිමි වී ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරයටයි.
දෙවැනි සහ තුන්වැනි ස්ථානවලට පත්ව ඇත්තේ ඔස්ටි‍්‍රයාවේ වියානා සහ කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා ප‍්‍රාන්තයේ වැන්කුවර් නගරයයි. සිව්වැනි ස්ථානයේ ඇත්තේ ටොරොන්ටෝ නගරයයි. 
පස්වන ස්ථානය  ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඩි නගරයට හිමිව ඇත. ජීවත්වීමට නුසුදුසුම නගරය ලෙස නම් කර ඇත්තේ සිරියාවේ ඩමැස්කස් අගනුවරය.

 



අදහස් (0)

ජීවත් වීමට සුදුසුම නගරය මෙල්බර්න්

ජයන්ත Monday, 24 August 2015 02:29 AM

අපෝ සෑහෙන කාලයක් තමන්ව නඩත්තු කරන්න ලැස්ති ඥාතියෙක් හිතවතෙක් නැති නම් තාවකාලික විසා අරන් ඇඩිලේඩ් එන්න එපා. කොච්චර වෘත්තීය සුදුසුකම් උගත්කම් තිබුනත් තමන්ට කැමති රැකියාවක් සොයා ගන්න අමාරුයි. විරැකියාව වැඩිම ඇඩිලේඩ් වල. මේවා කියන්න අපිට බයයි මොකද මිනිස්සු හිතනවා අපි කුහක කමට අනෙක් මිනිස්සු එනවාට ඉරිසියාවේ කියලා. වෙන යන්නම තැනක් නැතිනම් එනවා මිසක් පුළුවන් නම් ඇඩිලේඩ් නැතිව වෙන නගරයකට යන්න. (නදී)

:       0       1

පාලිත Tuesday, 25 August 2015 08:10 AM

මමත් ඉන්නේ යුරෝපා රටක. කට්ට කාගෙන අමාරුවෙන් පොඩි ජොබ් එකක් කරගෙන ඉන්නවා. රැකියාවෙන් පසු නිදහස සහ මානසික සුවය, හැදියාව ඇති මිනිසුන් නිසා ලංකාවට වඩා මෙහේ හොදයි. කට්ට කන්න පුලුවන් අය එන්න මුසා බස් වලට නොරැවටී මෙහි එන්න (නදී)

:       0       0

ජනක Sunday, 23 August 2015 07:09 AM

ළිදෙන් වතුර බිලා ගගට ආවඩන කට්ටිය ගොඩක් ලංකාවේ ඉන්නවා.(ම)

:       0       0

නිශාන්ත Monday, 24 August 2015 05:44 PM

දැන් හරිනේ මෙල්බර්න් වලට කඩේ ගිය කට්ටියට. ලෝකේ ඕනෑම මිනිසෙක් තමන් උපන් බිම තමයි ඔහුගේ ප්‍රියතම තැන. (නි)

:       0       1

සෑම් Friday, 21 August 2015 08:24 AM

අන්තර් ජාතික ආර්ථික දත්ත විශ්ලේෂණ ආයතනයේ සුද්දෝ ශ්‍රී ලංකාවේ ගමක සුන්දරත්වය වින්දානම් එය අංක 1 කරන බවනම් ස්ථිරයි (ම)

:       0       1

ජයන්ත Monday, 24 August 2015 06:00 PM

රට ඉන්න අය මොකද මෙච්චර මෙල්බර්න් ඉන්න බැහැ කියන්නේ. මට අහන්න තියෙන්නේ අමාරු නම් මොකද එහෙට වෙලාම ඉන්නේ? (නි)

:       0       0

ඉමේෂ් Monday, 24 August 2015 02:54 AM

ඔන්න පිවිතුරු යහපාල එහෙත් විනාස කරන්න යන්න හදන්නේ. මෙල්බර්න් වැසියෝ පරිස්සමින් ඉන්න. (නදී)

:       0       0

කමල් Monday, 24 August 2015 03:00 AM

ඔන්න මෙල්බර්නුත් ඉවරයි එහෙනම් (නදී)

:       0       0

මෙලනි Sunday, 23 August 2015 08:18 AM

ඇඩිලේඩ් ඉන්න යාලුවෙක් කිව්වා ඒ ප්‍රාන්තයේ , ලංකාවේ උගත් සංක්‍රමනිකයකුට හරි හමන් රස්සාවක් සොයා ගන්නවාට වැඩිය අම්පාරේ හේන් ගොවිතැන් කරන එක ලේසියි කියලා (බ)

:       0       0

රංජිත් Monday, 24 August 2015 10:04 AM

මෙල්බෝනේ වල ලමිස්සියන්ට පාරේ යන්න පුළුවන් මොකද එහෙ ගණිකා වෘතිය නීති ගත කරලා තිබෙන නිසා. නමුත් කාර් එකක් පාරේ නවත්වල තියන්න බෑ විදුරු කඩල ඇතුලේ තිබෙන දේවල් ගන්නවා. සල්ලි තිබුනත් ලෙඩක් හැදුනම බේත් ගන්න දොස්තර කෙනෙක් හමු වෙන එක ලේසි නැහැ. සියලු දේ මුදල් දීල ගත යුතුවේ (නදී)

:       0       0

සනත් Monday, 24 August 2015 07:57 PM

මමත් මෙල්බර්න් වල දැන් අවුරුදු 9 වෙනවා.ඇත්තටම මෙහෙ තියෙන්නේ සූරාකෑමක්.සුද්දෝ අපි උපයන ඔක්කොම සූරාකනවා.ඒ නිසා ඉතුරුකරන්න බැහැ.මම හිතන්නේ මේ රට හොඳයි ලංකාවෙන් ආ බෝට්ටුකාරයන්ට සහ ජර්මන් ටෙක් මැෂින් වලට. (නි)

:       0       0

එරන්ද Saturday, 22 August 2015 07:16 AM

බඩු ගිනි ගණන්, ගෙවල් කුලී හරි ගණන්. කලබලකාරී පරිසරය. මනුස්සයෝ නම් හොඳයි. (නි)

:       0       0

මහින්ද Monday, 24 August 2015 03:36 AM

මට නම් ගම්පහ තමයි හොඳම තැන (නදී)

:       0       0

දිලිනි Monday, 24 August 2015 10:24 PM

ඉතින් රන්ජිත් මොකද ඔච්චර පහත් විදියට සමච්චලයට කතාකරන නගරයක ජීවත්වෙන්නේ. ගණිකා වෘත්තීය නීතිගත කරලා නොතිබුනාට ලංකාවේ ඒ දේවල් සමහර ඉහළ අනුග්‍රහ පවා ඇතුව සිද්ධවෙනවා කියලා ඔය ආරංචි වෙන්නේ. ඉතින් එහෙම වෙලත් ලංකාවේ පිරිමින් අර කිව්වත් වගේ නාන බවලතෙකුටවත් නිදහසේ ඒ වැඩේ කරගන්න දෙන්නේ නැති අරුම පුදුම රටක් කියලා ඔන්න දෙයියෝ සාක්කි තීරයේ කතාවකිනුත් ඔප්පු වෙනවා.කියවලා බලන්න. (නි)

:       0       0

උපාලි Saturday, 22 August 2015 07:38 AM

යන්න ඕනෑ එහෙනම් ඒ පැත්තේ.... (නි)

:       0       0

ප්‍රියන්ත හේරත් Friday, 21 August 2015 04:49 PM

යම් තැනක ජීවත්වීමට සුදුසු බව තීරණය කරන්නේ අදාළ තැන මිනිසෙකු ලෙස ජීවත්වීමට අවශ්‍ය සියලු සාධක වල පැවතීම පදනම් කරමින්. මේ තැනට ළඟාවීමට අපිට තවත් අවුරුදු 500 ක්වත් යයි මේ යන විදිහට. ඒක මේ රටේ මිනිස්සුන්ට තේරෙන්නටත් තවත් අවුරුදු 500 ක්වත් යයි. සදාචාරය, සංස්කෘතිය, නීතිය සහ විනය අතින් අපි තවමත් ඉන්නේ අර කියපු තරම් දුරකින්. (නි)

:       0       0

ඉමේෂ් Monday, 24 August 2015 04:01 AM

ජයන්ත කියපු කතාව ඇත්ත.(නදී)

:       0       0

අරුණ Saturday, 22 August 2015 08:16 AM

මට නම් ඊට වඩා මැදමුලන කියන නගරය 1000 ගුණයක් හොඳයි. (නි)

:       0       0

ලලිත් Sunday, 23 August 2015 10:47 AM

බයවෙන්ද එපා තව අවුරුදු හතරෙන් කොළඹ තමයි.(ම)

:       0       0

අමා Friday, 21 August 2015 04:59 AM

ඇත්ත. සල්ලි ‍තිබෙනවා නම් කොහෙත් හොඳයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 22 August 2015 08:27 AM

අපේ රටෙත් බෙන්තර ග‍ඟෙන් එහා හොඳටම හොදයි.මෙහා තමයි ටිකක් විතර නරක. (නි)

:       0       0

යොහාන් Saturday, 22 August 2015 08:29 AM

ඇයි අපේ රට හොඳ නැද්ද? (නි)

:       0       0

බණ්ඩාර Monday, 24 August 2015 04:30 AM

ලංකාව තමයි හොඳම තැන කියල තේරුම් ගන්න ගොඩක් කල් යයි මොකද කොටියට උත්තර දෙන්න ඕනේ යුද්දෙන්මයි කියල තෝරලා දෙන්න මේ රටට අවුරුදු 30 ක් ගියා (නදී)

:       0       0

සිල්වා Friday, 21 August 2015 06:38 PM

සල්ලි තිබෙනවා නම් ඕනෑම රටක් හොඳයි. ලංකාවේ හොඳ ආදායම් මාර්ගයක් තිබෙනවා නම් අපේ රට තමයි නියම රට. දේශපාලනය තුළින් රට ව්‍යාකූල කරලා තිබෙන්නේ. මමත් රටවල් 14 විතර දැනට වැඩකරලා තිබෙනවා. ඔය කියන තරම් ලොකු වෙනසක් නැහැ. හැමකෙනාම මහන්සිවෙලා වැඩ කරනවා. ඒ ඒ දේට සමානව හොඳ පඩියක් ලැබෙනවා. වෙනස ඕකයි (නි)

:       0       0

විකී Sunday, 23 August 2015 11:55 AM

ගිහාන් කියන එකේ ලොකු ඇත්තක් තියෙනවා. මම එකඟ වෙනවා. (නදී)

:       0       0

මංගල Monday, 07 September 2015 01:34 AM

සනත්, ඔය කියන රටේ පාර්ලිමේන්තුවේ මෙහේ වගේ අය නැහැ.එහෙම කළ නිසානේ ආදායම් විෂමතාවය අඩුවෙලා තියෙන්නේ. (නි)

:       0       0

මොහ‍ොට්ටාල Thursday, 20 August 2015 06:58 PM

අපේ නම නැද්ද? (නි)

:       0       0

රීටා Sunday, 23 August 2015 12:16 PM

ඉනියා දේශප්‍රේමයෙයි කුහක කමෙයි වෙනස දන්නා කෙනෙක් මට කියා දෙන්න කරුණා කරලා. හොඳ දේට හොඳ නොකිය හොඳ නැතත් අපි උතුම් යයි පාරම් බෑම ඉනියා දේශප්‍රේමයද කුහක කමද... මහතුනේ. (නදී)

:       0       0

මහිම Wednesday, 26 August 2015 12:35 AM

යහමින් කරගෙන හිටපු රැකියා දමල ගහලා දරු පවුල් සමග වැඩි තණ්හාවට රට ගිහින් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පැන පැන රැකියා සොයමින් අතේ තියෙන තුට්ටු දෙකක් නැති කරගෙන බැන බැන ඉන්න පිරිසකුත් සිටිනවා. මේ ලස්සන නගරයේ. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 20 August 2015 07:48 PM

මොන නගරයත් ජීවත්වෙන්න හොඳයි සල්ලි තිබෙනවා නම් (නි)

:       0       0

අනුර Monday, 24 August 2015 11:38 AM

අපිට කොහොද එතරම් වාසනාවක්.(හේ)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 22 August 2015 11:59 AM

මමත් මේවා ඔක්කොම දමලා ගහලා මෙල්බන් යන්න හිතාගෙන ඉන්නේ. (නි)

:       0       0

සොපියා Sunday, 23 August 2015 01:04 PM

සිල්වා ගිය ඉස්කෝලේ මොකක්ද මහත්තයෝ (නදී)

:       0       0

ධර්මප්‍රිය Friday, 21 August 2015 10:52 AM

සැමට නීතිය සමානය. අනෙකාට අවශ්‍යවිට උදව් කරයි. කාලගුණය හිතකරය.විවිධ ජාතීන් සමගිව වාසය කරයි. (නි)

:       0       0

උපසේන Sunday, 23 August 2015 01:08 PM

කතාව ඇත්ත. ලංකාවේ හොඳම තේ බොන්න. කීරමල බුද්ධ ධර්මය ඉගෙන ගන්න මෙල්බර්න් වලට එන්න. (නදී)

:       1       0

සනත් Saturday, 22 August 2015 01:17 PM

හරියට පාරක් තොටක් තිබුනා නම් අපේ මීමුරෙත් හොඳ තැනක් තමයි. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 24 August 2015 05:31 AM

ලෝකේ කොයි නගරයත් හොඳයි ජීවත් වෙන්න. මොකද එය හොඳ බවටත්, නරක බවටත් පත් කරන්නේ ජීවත් වන මිනිසුන්මයි. (නදී)

:       0       0

රන්ජනී Saturday, 22 August 2015 03:26 PM

මෙල්බර්න් නගරය තුළ පොල් පැලයක්,පලා ටිකක් වගාකරගන්න පුලුවන්ද? කුරහන් මඤ්ඤොක්කා කාපු අපිට හොඳ ශ්‍රී ලංකාව විතරයි. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 25 August 2015 04:05 AM

සනත් එහෙනම් මොකටද සුද්දන්ට දොස් කියමින් ඒ රටේම ජීවත් වෙන්නේ. (ම)

:       0       0

පසිදු Saturday, 22 August 2015 03:46 PM

මම නම් මෙල්බර්න් නගරයට ගිහින් නැහැ. හැබයි අපේ ලොකු අම්මා මාස 6 කට ගිහින් මාස 3 නෙන් ආවා, මොකද ඉන්න බැහැ කියලා. එයාගේ දුවයි පුතයි ඉන්නේ එහෙ .ලොකුඅම්මා කිවුවේ ලංකාව මට සුරපුරයක් කියලා. ඉතින් කවර නම් කතාද? අපිට සුදුසු අපේ රට. (නි)

:       0       0

කෝසල ගනේතැන්න Sunday, 23 August 2015 02:48 PM

ජීවත්වීමට සුදුසු නගර උගත්,බුද්ධිමත්,ප්‍රජාතන්ත්‍රවාදී,නීතියේ ආධිපත්‍යය පිලිගන්නා,රාජ්‍ය මූල්‍ය අවභාවිතා නොකරන,ව්‍යාපෘතිවලින් කොමිස් නොගසන දේශපාලඥයන් සහ බුද්ධිමත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ අවබෝධයක් තිබෙන අදහස් ඇති ජනතාවක් සිටීම එම දියුණුවට හේතුව වේ.(නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Friday, 21 August 2015 06:34 AM

තව ටික දවසකින් මේ සේරම පරද්දනවා අපේ ලංකාව....(ම)

:       0       0

මාගලී ෆොන්සේකා Saturday, 22 August 2015 08:51 PM

කාලයක් නෝර්වේ කියලත් හැඳින්වුවා නේද? (නි)

:       0       0

නීල් Saturday, 22 August 2015 09:42 PM

සිල්වා, මට කියන්න සල්ලි තිබුණට කොහොමද මේ දේවල් ලංකාවේ ලබන්නේ කියලා. ජාතික සංහිඳියාව, ආරක්ෂාව, අපරාධ ප්‍රතිශතය, දේශපාලන වටපිටාව, මත්ද්‍රව්‍ය, නිස්කලංකබාවය, පරිසර දුෂණය, නවීනත්වය වගේ දේවල් ලංකවේ කොයි නගරයේද තියෙන්නේ? (නි)

:       0       0

මාලක Saturday, 22 August 2015 09:46 PM

සිල්වා, නිකන් පුරාජේරු දොඩවන්න එපා මහත්තයෝ. සල්ලි තිබුණා කියලා පිටකොටුවේ ඇවිදින්න පුලුවන්ද ගණිකාවන්ගෙන්, පොකට්කාරයන්ගෙන්, කුඩ්ඩන්ගෙන් බේරිලා ලන්ඩන් වල වගේ.පොලිසිය, ආණ්ඩුවේ කන්තෝරු ජරාව කන්නෙම නැද්ද? (නි)

:       0       0

පාල Saturday, 22 August 2015 09:50 PM

සිල්වා, මට කියන්න ලංකාවේ සල්ලිකාරයෝ කොහොමද ආසනික් නැති හාල් වලින් බේරෙන්නේ? කප්පම්කාරයන්ගෙන් බේරිලා ඉන්නේ? ජරාවක් නොදී වැඩක් කරගන්න? නිකන් බොරු මානසිකත්වයෙන් මිදෙන්න මහත්තයෝ. (නි)

:       0       0

බණ්ඩාර ඉරාකය Monday, 24 August 2015 08:26 AM

කොළඹ නගරයත් ලස්සන කරලා ලෝකේ හොද තැනකට ගෙනාවා මාස 6 ලෝකේ ගදම නගරය කළා.(අ)

:       0       0

නාරද Monday, 24 August 2015 08:47 AM

ලංකාවේ ඉන්නේකිසිම විනයක් නැති හරියට පාර පනින්නවත් දන්නේ නැති වාහනයක් මාර්ග නීතියට එලවගන්න බැරි මිනිසුන්ට ගරු නොකරන වදුරෝ වගේ මිනිස්සු. මුන්ව හොද නගරයකට දැම්මත් වැඩක් නැහැ ජීවත් වෙන්න දන්නේ නැහැ. මුල ඉදලම විනය සහ ආකල්ප වෙනස්කර හැදිය යුතුයි. සත්‍ය වසන් කරමින් අපගේ ප්‍රොඩත්වය විදහාපාන කෙබර කොමෙන්ටු දැමීමෙන් බාල පරපුර ඇන්දීමකට ලක්වෙන අතර ලෝකය නොදුටු ඔවුන් අතරමන් කරනවා (නදී)

:       0       0

විජේසුන්දර Saturday, 22 August 2015 04:10 AM

සිංහල ජනතාව වැඩියෙන් පදිංචි වී සිටින්නේද මෙල්බර්න් වලයි. (නි)

:       0       0

ගිහාන් Sunday, 23 August 2015 02:14 AM

ලංකාව ඔය තත්වයට එන්නේ ලමිස්සියකට පාරේ දෙපැත්තේ පිරිමින්ගේ විසිල් පාරවල් නැතුව යන්න ලැබිලා, කාන්තාවකට හොරෙන් බලන මිනිස්සු නැතුව ළිඳක් ඇළක් ළඟ නාන්න පුළුවන්, අවුරුදු 70 ආච්චිට අතවරයට ලක්නොවී තනියම ගෙදර ඉන්න පුළුවන් දවසක් අපේ රටට ලැබුනාම. මේක සල්ලි විතරක් නිර්ණායක කරගෙන කෙරුන තේරීමක් නෙමෙයි. (නි)

:       0       0

රන්ජිත් ගමගේ Monday, 24 August 2015 08:59 AM

මමත් මෙල්බෙර්න් වල වසර තුනක් වැඩකරා දැන් ඉන්නේ ඩුබායි වල නමුත් මෙල්බෙර්න් වල බදු බර ගෙවල් කුලී සහ භාණ්ඩ වල මිල හරිම වැඩයි හම්බකරන මුදලෙන් 70% රටට ගන්නවා ලංකවේ ගොඩක් කට්ටිය ඉගන ගන්න ඇවිල්ල සිටිනවා අමතර රැකියාවල් කිහිපයක් කරලා තමයි මුදල් හම්බ කරගන්නේ ගොඩක් ඔය කියන සිහින ලෝක නැහැ කවුරුත් කියන්නේ නැහැ නරක පැත්ත මුදල් සහ හොද රැකියාවක් තිබෙනවානම් හොදම රට ලංකාව ඉදිරියේදී අපේ ලංකාව ඒ දෙසට ගමන් කරයි කියා හිතෙනවා සැමට ජය !! (අ)

:       0       0

පාලිත Sunday, 23 August 2015 08:59 PM

මම ඉන්නේ පිටරට. ලංකාව තමයි හොඳම රට. තේරෙන්න කල් යනවා. (නදී)

:       0       0

අජිත් Friday, 21 August 2015 07:36 AM

අමා, ඔයා කැමතිද සල්ලි තියාගෙන, මිනීමැරුම්, වංචා, දුෂණ වෙන නගරෙක ජීවත්වෙන්න. සල්ලි තිබුනට ඔක්කොම දේවල් සම්පුර්න වෙන්නේ නෑ (අ)

:       0       0

චන්ද්‍රා Sunday, 23 August 2015 11:23 PM

මොහොතින් මොහොත වෙනස්වන දේශගුණය නැත්නම් ඇත්තටම හොඳයි. ඒ හැරුනම අනෙකුත් ප්‍රදාන නගරත් ලොකු වෙනසක් නැත. (නදී)

:       0       0

බුද්ධික Saturday, 22 August 2015 04:55 AM

කවදද අපේ නගරයක් අඩුම තරමේ ලොව දසවන තැනටවත් එන්නේ? (නදී)

:       0       0

බර්නාර්ඩ් Monday, 24 August 2015 12:37 AM

උපසේන හරි. වැලි ගල් නැති ලංකාවේ හාල් ටිකක් හොයා ගන්න මෙල්බන් එන්න. (නදී)

:       0       0

කුමාර Monday, 24 August 2015 09:29 AM

ඉරාකයේ බණ්ඩාරගේ කටේ රත්තරන් දාන්න ඕන (අ)

:       0       0

විස්ලි Friday, 21 August 2015 08:05 AM

ජීවත් වීමට සුදුසුම නගරය මෙල්බර්න් තමා. එම සුදුසුකම ලැබෙන්නේ ප්‍රදාන වශයෙන්ම රටේ නීතිය සහ විනය සුරැකෙන නිසා. ලංකාවටත් බැරි නෑ .(ම)

:       0       0

මෙල් Sunday, 23 August 2015 05:10 AM

මෙල්බර්න් හොඳයි තමයි රස්සාවක් තියෙනවනම්. අපි ඇවිත් අවුරුදු 3ක් වෙනවා. තාම හිතපු රස්සා හම්බුණේ නෑ. ආවෙනම් ප්ලේන් එකෙන් තව අවුරුද්දක් බලලා ආපහු බෝට්ටුවෙන් ලංකාවට එන්නයි හිතාගෙන ඉන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 493 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site