ලෝ ප්‍රකට විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජේ අද (11) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ දී පොලිස් අත්අඩංගුවට පත්විය.
තානාපති කාර්යාලයට පොලිසිය පැමිණ ඇත්තේ ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුවය.
“හතළිස් හත් හැවිරිදි වියේ පසුවන ජූලියන් අසාන්ජේ අප්‍රේල් මස 11 වැනිදා මෙට්‍රෝපොලිටන් පොලිස් සේවාවේ අත්අඩංගුවට පත් වූවා” යැයි ලන්ඩන් පොලිසිය සඳහන් කළේය.
ජූලියන් අසාන්ජේට ඉක්වදෝර රජයේ රැකවරණ හිමි වී තිබිණි. අසාන්ජේට එලෙස රැකවරණ ලබාදීම අවසන් කිරීමට ඉක්වෝදරය තීරණය කිරීමෙන් අනතුරුව ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපතිවරයා පොලිසියට තානාපති කාර්යාලයට පැමිණෙන්නැයි ඉල්ලීමක් කර ඇත.
ස්වීඩනයට පිටුවහල් කිරීම වැළැක්වීම සඳහා ජූලියන් අසාන්ජේ 2012 වසරේදී ඉක්වදෝරයේ සරණාගත රැකවරණය ඉල්ලා සිටි අතර ඔහු එම වසරේ සිට ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ යටතේ පසුවිය. ලිංගික අඩත්තේට්ටම චෝදනාවක විමර්ශනයකට ජූලියන් අසාන්ජේ ස්වීඩනයට අවශ්‍ය කර තිබිණි. කෙසේ නමුත් පසුව එම චෝදනාව අත්හැර දමන ලදි.
කෙසේ නමුත් ජූලියන් අසාන්ජේ ඇමෙරිකාවට අවශ්‍ය කර තිබෙන බවට වාර්තා විය. විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකාවේ රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට ඇමෙරිකාවට ඔහු අවශ්‍ය කර තිබෙන බව එම වාර්තාවල දැක්විණි.
(රොයිටර් ඇසුරිනි
055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ මහත්තය තමයි .... මානව අයිතිවාසිකම් ගැන සහ මරණීය දණ්ඩනයට විරුද්දව කතාකරන රටවල් වල ... පැටිකිරිය හෙළිකළේ .... !!!
මේ මනුස්සයා අදහන්න වටින කෙනෙක්. ඇමෙරිකාව ලෝකයේ රටවල් වලට හොර රහසින් කල දේශපාලනික සහ ආර්ථික කෙනෙහිලිකම්, කුමන්ත්‍රණ රාශියක්, ඔහු ලොවට සාක්ෂිත් සමගම හෙලිකලා. අපේ රටෙත් ත්‍රස්තවාදී කොටින්ට පක්ෂපාත වන ආකාරයේ ලියවිලි කිහිපයක්ම ඒවායෙහි ඇතුලත්වුනා. ඉක්වදෝරය වගේ හිඟන රටක රැකවරණ ඉල්ලීමට මොහුට සිදුවුනේ වෙනත් කිසිම රටක් ඔහුට පිළිසරණට ඒමට මැලි බවක් දැක්වූ නිසයි. නමුත් අවසානයේදී ඒ රටේ තානාපති කාර්යාලයෙන්ම ඔහුව පාවා දුන්නා. අපි බලමු එංගලන්තය මොහුව ඇමෙරිකාවට බාර දෙයිද එහෙමත් නැතිනම් ස්වීඩනයට බාරදේවිද.. එහෙමත් නැතිනම් එංගලන්තයේ රැකවරන දේවිද කියලා.