ඇමෙරිකා ජනාධිපති ආර්යාව, ජිල් බයිඩන් ට යළිත් වරක් ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

72 හැවිරිදි ජනපති ආර්යාව මේ වනවිට ඩෙලවෙයාර් ප්‍රාන්තයේ සිය නිවසේ නිරෝධායනයට ලක් වී සිටින බව ද පැවැසෙයි.
ඇගේ රෝගී තත්ත්වය ගැන බියක් නැතැයි ඇය ගැන විමසිල්ලෙන් පසුවන වෛද්‍යවරු පවසති.

ජිල් බයිඩන්ට මෙන්ම ජනාධිපති ජෝ බයිඩන්ට ද පළමු වරට ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වූයේ පසුගිය වසරේ අගෝස්තුවේය.