
ඇමෙරිකා ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ.
71 හැවිරිදි ජිල් බයිඩන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැනීම සිදුවූයේ ඇගේ සැමියා මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ජෝ බයිඩන් දෙවරක් ‘කොවිඩ් 19’ ආසාදිතයකු වී සති දෙකක් ගතවීමෙන් පසුවය.
ජිල් බයිඩන් සුළු සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයකින් පසුවන බවත්, ජනාධිපති බයිඩන් සේම ඇය පළමු සහ දෙවැනි ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ද තෙවැනි සහ සිවුවැනි බූස්ටර් එන්නත් මාත්‍රා ද ලබා ගෙන සිටින බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ජිල් බයිඩන් නිරෝධායනය වී හුදෙකලාව පසුවන බවත්, ඇය ඇයට හිමි රාජකාරී නිරෝධායනයේ සිට සිදු කරනු ඇති බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd