වතුර ගෙනයන ප්‍රධාන නලයක පිපිරීමක් හේතුවෙන් ලොස් ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලය ජලයෙන් යටවිය.
ප්‍රධාන පිපිරුම අඟහරුවාදා සිදුවිය. එම අවස්ථාවේ අහසට වේගයෙන් විසිරුණු ජලයධාරා මගින් නලයේ පැල්ම අඩි 10ක් දක්වා විශාලකැර තිබිණි. ප්‍රාදේශීය මාර්ග ජලයෙන් යටවූ අතර භූගත රථගාල් වලට ද ජලය ගලා යන්නට විය. යටවූ මෝටර් රථවල සිටි රියදුරන් කිහිපදෙනකු බේරාගන්නා ලදී.
1921 සාදන ලද මේ ජල මාර්ගය සැන් ෆර්නෑන්ඩු නිම්නයේ ජලාශවල සිට ලොස් ඇන්ජලීස් වෙත ජලය ගෙන එයි. මෙය පිළිසකර කිරීමට පාය කිහිපයක් ගත වූයේ නල මාර්ග වසා දැමීම සෙමෙන් සිදුකරන්නට වූ බැවිනි. ජල මත ක්‍රියා කිරීමට හා ඇශෝභන ලෙස විනෝදවීමට පැමිණි පුද්ගලයන් පළවාහැරීමට ද පොලීසියට සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ මැද නල එලුවේ කවුද? (නි)
ඇයි ඉතින් ඔය ජලය බෙදා හරින ෆර්නැන්ඩු නිම්නයේ හෝ අතරමග තැනින් තැන " ස්ටොප් වෑල් " සවිකර තැබීමට තරම් දැනුමක් ඇමෙරිකන් ජල නල කාර්මිකයින්ට නැතුවම ඇති. අපේ වගේ ජල විසන්දි නොකරන නිසා සමහර විට අනවශ්‍ය ඇති (නදී)
ඇමරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)