
ජර්මානු ගුවන්තොටුපොළකින් පුපුරන ද්‍රව්‍ය සවි කළ ඩ්‍රෝන යානයක් හමුවුණු බව එරට ආරක්ෂක අංශ පවසයි.
නියමුවන් රහිත පුපුරන ද්‍රව්‍ය සවි කළ මෙම ඩ්‍රෝන යානය හමුවුණු බව පැවැසෙන්නේ ජර්මනියේ ලයිප්සිග්/හාලේ ගුවන්තොටුපොළේ යුක්රේනයට භාණ්ඩ ප්‍රවාහන සිදු කරන ගුවන් යානා රඳවා ඇති කලාපයෙනි.
මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙන බව ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ.
නැගෙනහිර ජර්මනියේ පිහිටි ලයිප්සිග්/හාලේ ගුවන්තොටුපොළ ජර්මානු හමුදාව සහ නේටෝ මිත්‍ර පාක්ෂිකයන් විසින් හමුදා භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතා කරනු ලබයි.
ඊට අමතරව, යුක්රේනයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් වැඩි ප්‍රමාණයක් සිදුකරන ඇන්ටනොව් ඇයර්ලයින්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ද මෙම ගුවන්තොටුපොළ ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුධ භාණ්ඩ හුවමාරු කරන ගුවන් තොටුපළක් නිසා භාණ්ඩ පැටවීමේදී යම් අතපසුවීමකින් බිම වැටුණු එකක්වත්ද?