හෝමුස් සමුද්‍රසන්ධිය නාවික ගමනාගමනය සඳහා යළි විවෘත කිරීමට කමන් ඕමානය සමග එකඟතාවකට පැමිණි බව ඉරානය පවසයි.

ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි පවසා ඇත්තේ, ඕමානය සමග ඇති කරගත් එකඟතා ගිවිසුම ඵලදායී වෙමින් පවතින බවය.

ගිවිසුමට අදාළ වැඩි විස්තර මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත.

ඕමානය සමඟ ඇති කරගන්නා මෙම ගිවිසුම හරහා පමණක් හෝමුස් සමුද්‍රසන්ධිය ඔස්සේ ආරක්ෂිත නාවික ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහවුරු කළ නොහැකි බව ද බගායි පැහැදිලි කර තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාන වරායන් වටලා සම්බාධක පැනවීම හේතුවෙන් කලාපීය නාවික ආරක්ෂාවට තවදුරටත් බාධා එල්ල වී ඇති බව ඔහු පෙන්ව දී ඇත.

කෙසේ නමුත් මෙම නව යෝජනාව සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය හෝ ඕමානය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.