
කුමන ආකාරයේ ඉරණමකට මුහුණ දීමට සිදුවුවත්, තමන් යළි බංග්ලාදේශයේ තම ජනතාව අතරට යෑමට සූදානමින් සිටින බවත්, දෙසැම්බරයේ දී තමා තම මවු රට බංග්ලාදේශය බලා යෑමට නියමිත බවත් විරෝධතා හමුවේ, අග්රාමාත්ය ධුරය අතහැර, ඉන්දියාවට පලා ගොස් ඉන්දියාවේ රැඳී සිටින ෂෙයික් හසීනා පවසයි.
ෂෙයික් හසීනා මෙසේ කීවේ ඇගේ බංග්ලාදේශ අවාමි ලීගය පක්ෂයේ සාමාජිකයන් අමතමිනි. ඉන්දියාවේ සිට ඇය ඔන්ලයින් ක්රමයට ඇගේ අවාමි ලීගය දේශපාලන පක්ෂයේ සාමාජිකයන් ඇමතුවාය. එ් සඳහා මැදහත් වූයේ දකුණු ආසියානු විදේශ වාර්තාකරුවන්ගේ සංගමයයි.
බංග්ලාදේශ හිටපු ක්රිකට් නායක මෙන්ම අවාමි ලීගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ෂකීබ් අල් හසන්ගේ නිවසේ දී සජීවීව ඔන්ලයින් ක්රමයට ෂෙයික් හසීනා සහ පාක්ෂිකයන් එකිනෙකා හමුවූයේ ඊයේ (5) රාත්රියේය. එසේ හමුව පැවැත්වෙද්දී, ෂකීබ් අල් හසන්ගේ නිවසට පෙට්රල් බෝම්බ ප්රහාරයක් ද එල්ල විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd