ජෙරුසෙලමේ වීදියක පිහියක් ඔසවාගත් ත්‍රස්තවාදියෙක් පුද්ගලයන් තිදෙනකුට තුවාල සිදුකිරීමෙන් පසු වෙඩි තබා මරා දැමීමට ඊශ්‍රායල් සොල්දාදුවකු සමත්විය.
නාට්‍යානුසාරී සිදුවීමක් ලෙස මෙය විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.
ත්‍රස්තවාදියා පැමිණි කාර් රථය පදික වේදිකාවේ ගමන් කරමින් සිටි අයකු පසුකර නතර කර ඔහුට තුවාල සිදුකිරීමෙන් පසු ස්වෙච්ඡා පොලිස් නිලධරයකුට පිහියෙන් ඇන ඇතැයි එරට පොලිසිය කියයි.
මෙම සිදුවීම දුටු බසයෙන් බැස පැමිණෙමින් සිටි සොල්දාදුවකු ත්‍රස්තවාදියා දෙසට දිව ගොස් වෙඩි තබා ඇත.
ත්‍රස්තවාදියා නැගෙනහිර ජෙරුසෙලමේ 21 හැවිරිදි අයකු බව කියති. තුවාල ලත් දෙදෙනකු වහාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරිණි. සිද්ධිය කිසිවකු විසින් වීඩියෝ ගත කර තිබූ අතර ඩේලිමේල් වෙබ් අඩවිය එහි වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ කර තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පසුගිය දිනවල සිදු වූ සිදුවීම් වලින් තවත් එක් සිදුවීමක් විතරයි. දැන්නම් එන්න එන්න මේ පිහියෙන් අනින සිද්ධි මේ රටේ වැඩිවෙනවා. පහුගිය දවසක නේපාල ජාතික ගැහැණු අයෙකුත් ජෙරුසලමේදී මෙලෙස සිදු වූ පිහි ඇනුමකට හසුවුණා. මාස කිපයක් තිස්සේ රටේ තැනින් තැන මේ වගේ සිදුවිම් ගණනාවක් අසන්නට, දකින්නට ලැබුනා (නි)
අතිශය මානව හිතවාදී සංවිධානයක්, මහත්ම ගාන්ධි වගේ අවිහිංසා වාදී ව්‍යාපාරයක් ඉතින් එහෙම සංවිධානයක් යුද බලයෙන් විනාශ කිරීම වැරදියි (ම)
ඊශ්‍රායලයට යුධ අපරාධ චෝදනා එල්ලවෙන්නේ අද ඊයෙක ඉඳලා නෙමෙයි. ඒත් ඒ රට ඒ චෝදනා වලට රාජ්‍යතාන්ත්‍රිකව පිළිතුරු දෙනවා. ලංකාවට චෝදනා ආ සමුළු වල න්‍යාය පත්‍රයේ ඒවත් තිබෙනවා. (නි)
ලෝකයේම මහා ත්‍රස්තවාදියා ඊශ්‍රායලය කියල දැන්වත් උඹලට තේරුණු එකට සන්තෝස වෙමි. (බ)
හිමාල් ඊශ්‍රායලය කවදාවත් රාජ්‍යතාන්ත්‍රිකව පිළිතුරු දීපු බවක් මම නං දන්නේ නෑ. දන්නා කාලේ ඉදන් අන්කල් සෑම්ගේ හයිය අරන් කරපු තර්ජන විතරයි මතක. ඊශ්‍රායලයට යුධ අපරාධ චෝදනා එල්ලවුනොත් ඇමරිකාව මැදිහත් වෙලා ඒවා ඉවත් කරගන්නවා. (බ)
මොහාන්, පලස්තීනයේ බලය අල්ලගෙන ඉන්නේ හමාස් කියන ත්‍රස්තවාදී සංවිධානය. ඊශ්‍රායලය කියන්නේ මැදපෙරදිග වැඩිම ආගමික හා පුද්ගල නිදහසක් තිබෙන දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මැදපෙරදිග අරාබි රටක හා ඊශ්‍රායලයේ සේවයට ගිය කෙනෙක් නම් දන්නවා රටවල් දෙකේ වෙනස... (නි)
එහෙ මැරෙන්නම වෙඩි තියලා. ඒ වුණත් වෙන රටවල ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම්, යුධ අපරාධ ගැන කතාකරනවා (නි)
ඔව් ප්‍රසන්න, ඕක මෙහෙ වුණා නම් අර වෙඩි කාපු ඌරො වගේ "මානව හිමිකම් " ගැන කතාකරන්නෙත් ඔය කට්ටියම තමයි (නි)