IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජෙරුසෙලමේ වීදියක යකා නැටූ අයකුට වෙඩි

ජෙරුසෙලමේ වීදියක පිහියක් ඔසවාගත් ත්‍රස්තවාදියෙක් පුද්ගලයන් තිදෙනකුට තුවාල සිදුකිරීමෙන් පසු වෙඩි තබා මරා දැමීමට ඊශ්‍රායල් සොල්දාදුවකු සමත්විය.

නාට්‍යානුසාරී සිදුවීමක් ලෙස මෙය විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.

ත්‍රස්තවාදියා පැමිණි කාර් රථය පදික වේදිකාවේ ගමන් කරමින් සිටි අයකු පසුකර නතර කර ඔහුට තුවාල සිදුකිරීමෙන් පසු ස්වෙච්ඡා පොලිස් නිලධරයකුට පිහියෙන් ඇන ඇතැයි එරට පොලිසිය කියයි.

මෙම සිදුවීම දුටු බසයෙන් බැස පැමිණෙමින් සිටි සොල්දාදුවකු ත්‍රස්තවාදියා දෙසට දිව ගොස් වෙඩි තබා ඇත.

ත්‍රස්තවාදියා නැගෙනහිර ජෙරුසෙලමේ 21 හැවිරිදි අයකු බව කියති. තුවාල ලත් දෙදෙනකු වහාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරිණි. සිද්ධිය කිසිවකු විසින් වීඩියෝ ගත කර තිබූ අතර ඩේලිමේල් වෙබ් අඩවිය එහි වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ කර තිබිණි.

2F1F2D550002015127_1449497473969 2F1F08FD00000578-2015127449497479169 2F221E4D00000578-0-image-m20151277367517 2F221E6200000572015127449497354435



අදහස් (0)

ජෙරුසෙලමේ වීදියක යකා නැටූ අයකුට වෙඩි

ගයනා Monday, 07 December 2015 04:05 PM

මේක පසුගිය දිනවල සිදු වූ සිදුවීම් වලින් තවත් එක් සිදුවීමක් විතරයි. දැන්නම් එන්න එන්න මේ පිහියෙන් අනින සිද්ධි මේ රටේ වැඩිවෙනවා. පහුගිය දවසක නේපාල ජාතික ගැහැණු අයෙකුත් ජෙරුසලමේදී මෙලෙස සිදු වූ පිහි ඇනුමකට හසුවුණා. මාස කිපයක් තිස්සේ රටේ තැනින් තැන මේ වගේ සිදුවිම් ගණනාවක් අසන්නට, දකින්නට ලැබුනා (නි)

:       0       0

සංජය Tuesday, 08 December 2015 05:49 AM

අතිශය මානව හිතවාදී සංවිධානයක්, මහත්ම ගාන්ධි වගේ අවිහිංසා වාදී ව්‍යාපාරයක් ඉතින් එහෙම සංවිධානයක් යුද බලයෙන් විනාශ කිරීම වැරදියි (ම)

:       0       0

හිමාල් Tuesday, 08 December 2015 06:30 AM

ඊශ්‍රායලයට යුධ අපරාධ චෝදනා එල්ලවෙන්නේ අද ඊයෙක ඉඳලා නෙමෙයි. ඒත් ඒ රට ඒ චෝදනා වලට රාජ්‍යතාන්ත්‍රිකව පිළිතුරු දෙනවා. ලංකාවට චෝදනා ආ සමුළු වල න්‍යාය පත්‍රයේ ඒවත් තිබෙනවා. (නි)

:       0       0

ආරච්චිගේ Tuesday, 08 December 2015 01:31 PM

ලෝකයේම මහා ත්‍රස්තවාදියා ඊශ්‍රායලය කියල දැන්වත් උඹලට තේරුණු එකට සන්තෝස වෙමි. (බ)

:       0       0

මොහාන් Tuesday, 08 December 2015 04:11 PM

හිමාල් ඊශ්‍රායලය කවදාවත් රාජ්‍යතාන්ත්‍රිකව පිළිතුරු දීපු බවක් මම නං දන්නේ නෑ. දන්නා කාලේ ඉදන් අන්කල් සෑම්ගේ හයිය අරන් කරපු තර්ජන විතරයි මතක. ඊශ්‍රායලයට යුධ අපරාධ චෝදනා එල්ලවුනොත් ඇමරිකාව මැදිහත් වෙලා ඒවා ඉවත් කරගන්නවා. (බ)

:       0       0

නාමල් Wednesday, 09 December 2015 01:49 AM

මොහාන්, පලස්තීනයේ බලය අල්ලගෙන ඉන්නේ හමාස් කියන ත්‍රස්තවාදී සංවිධානය. ඊශ්‍රායලය කියන්නේ මැදපෙරදිග වැඩිම ආගමික හා පුද්ගල නිදහසක් තිබෙන දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මැදපෙරදිග අරාබි රටක හා ඊශ්‍රායලයේ සේවයට ගිය කෙනෙක් නම් දන්නවා රටවල් දෙකේ වෙනස... (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 08 December 2015 01:13 AM

එහෙ මැරෙන්නම වෙඩි තියලා. ඒ වුණත් වෙන රටවල ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම්, යුධ අපරාධ ගැන කතාකරනවා (නි)

:       0       0

ජයාත් Tuesday, 08 December 2015 01:24 AM

ඔව් ප්‍රසන්න, ඕක මෙහෙ වුණා නම් අර වෙඩි කාපු ඌරො වගේ "මානව හිමිකම් " ගැන කතාකරන්නෙත් ඔය කට්ටියම තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site