බර්ලින්හිදීය (රොයිටර්)
මාස ගණනක අවිනිශ්චිතතාව අවසන් කරමින් ජර්මනියේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එරට චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කෙල්ගේ කන්සර්වේටිව් පාර්ශවය එරට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමගි ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාව පළ කර තිබේ.
මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි වූ අතර මැතිවරණයෙන් ආසන වැඩි සංඛ්‍යාවක් දිනාගත් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා පැවත්වුවද එම සාකච්ඡා අසාර්ථක විය.
මේ තත්ත්වය හේතුවෙන් ජර්මනියේ මිත්‍ර රටවල් සහ ආයෝජකයන් අතර ජර්මනිය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ඇන්ජෙලා මර්කෙල් නායකත්වය දරන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට මෙලෙස දෙපාර්ශවය එකඟතාව පළ වී තිබේ.
මෙම එකඟතාවත් සමඟ ජර්මනියේ යුරෝ කලාප ප්‍රතිපත්තියේ වෙනසක් වනු ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මුදල් අමාත්‍යාංශය හිමිවීම ඊට හේතුව යැයි ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාබද්ධ විපක්ෂයක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කොටසකින් නැත්ද ?