ජර්මනියට පැමිණ සිටින සංක්‍රමණිකයන් අතරින් විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් සොයා පිටුවහල් කිරීමට හැකි පරිදි නීති රීති වෙනස් කිරීමට ජර්මන් රජයේ අවධානය යොමුව ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
නව වසර උදාවන අවස්ථාවේ ජර්මනියේ කොලොන්ග් හි ඇතිවූ දැඩි කලහකාරී තත්ත්වයට හේතුවූයේ මෙවැනි සංක්‍රමණිකයන්ගේ ක්‍රියාකාරකම් බව පවසන ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය පවසා ඇත්තේ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබද ජර්මන් රජය තීරණයක් ගත යුතු බවයි.
විවිධ අපරාධවලට සම්බන්ධ වන සංක‍්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීමට හැකිවනු පරිදි නීති රීති වෙනස් කිරීමට ජර්මනිය තීරණය කර තිබෙනවා.
ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් උපුටා දක්වමින් බීබීසී ලෝක සේවය වාර්තා කළේ නව වසර උදාවූ රාත‍්‍රියේ ඇතිවූ කලහකාරී සිදුවීම් මුල්කර ගනිමින් ජර්මනිය මෙම තීරණය ගෙන ඇති බවයි.
ඉකුත් 31 වනදා රාත‍්‍රියේ ජර්මනියේ කොලොන්ග් හි දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවුණා. ඊට සරණාගතයන් පිරිසක් මූලික වී ඇති බවයි විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ.
ප‍්‍රදේශය භාරව සිටි පොලිස් නිළධාරියාගේද සේවය මේ වනවිට අත්හිටුවා තිබෙනවා. කෙසේවෙතත් මින් ඉදිරියට සරණාගතයන් සම්බන්ධයෙන් දැඩි නීතිරීති අනුගමනය කිරීමටයි ජර්මානු රජය තීරණය කර තිබෙන්නේ.
- See more at: http://nethfm.com/article/93218#sthash.JyyI8Cgx.dpuf
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd