IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජර්මනිය සංක්‍ර‍මණික නීති අලුත් කරයි

ජර්මනියට පැමිණ සිටින සංක්‍ර‍මණිකයන් අතරින් විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් සොයා පිටුවහල් කිරීමට හැකි පරිදි නීති රීති වෙනස් කිරීමට ජර්මන් රජයේ අවධානය යොමුව ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

නව වසර උදාවන අවස්ථාවේ ජර්මනියේ කොලොන්ග් හි ඇතිවූ දැඩි කලහකාරී තත්ත්වයට හේතුවූයේ මෙවැනි සංක්‍ර‍මණිකයන්ගේ ක්‍රියාකාරකම් බව පවසන ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය පවසා ඇත්තේ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබද ජර්මන් රජය තීරණයක් ගත යුතු බවයි.

විවිධ අපරාධවලට සම්බන්ධ වන සංක‍්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීමට හැකිවනු පරිදි නීති රීති වෙනස් කිරීමට ජර්මනිය තීරණය කර තිබෙනවා.

 

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් උපුටා දක්වමින් බීබීසී ලෝක සේවය වාර්තා කළේ නව වසර උදාවූ රාත‍්‍රියේ ඇතිවූ කලහකාරී සිදුවීම් මුල්කර ගනිමින් ජර්මනිය මෙම තීරණය ගෙන ඇති බවයි.

 

ඉකුත් 31 වනදා රාත‍්‍රියේ ජර්මනියේ කොලොන්ග් හි දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවුණා. ඊට සරණාගතයන් පිරිසක් මූලික වී ඇති බවයි විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ.

 

ප‍්‍රදේශය භාරව සිටි පොලිස් නිළධාරියාගේද සේවය මේ වනවිට අත්හිටුවා තිබෙනවා. කෙසේවෙතත් මින් ඉදිරියට සරණාගතයන් සම්බන්ධයෙන් දැඩි නීතිරීති අනුගමනය කිරීමටයි ජර්මානු රජය තීරණය කර තිබෙන්නේ. 

- See more at: http://nethfm.com/article/93218#sthash.JyyI8Cgx.dpuf



අදහස් (0)

ජර්මනිය සංක්‍ර‍මණික නීති අලුත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 529 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site