ජර්මනියේ බර්ලින් නුවර  නත්තල් වෙළඳපොළකට කඩා වැදුණු ලොරි රථයක් හේතුවෙන් 9 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

මෙම සිදුවීමෙන් තවත් 45 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

සරණාගතයකු ලෙස ජර්මනියට පැමිණි අයකු මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය ත්‍රස්ත ක්‍රියාවක් බවට සැක පළවී ඇති බැවින් ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කෙරෙන බවත් ජර්මනියේ බලධාරීහු කියති.

සමස්ත ජර්මනියටම මෙය කනගාටුදායක අවස්ථාවක් බව ජර්මනියේ චාන්සල්වරිය ඇන්ජලා මර්කල් ප්‍රකාශ කර ඇත.

web3500