ජර්මනියේ බටහිර හැනවු නගරයේ අවන්හල් දෙකක සිදුවූ වෙඩිතැබීම් හේතුවෙන් අට දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙම වෙඩිතැබීම් දෙකම එක් පුද්ගලයකු විසින් සිදුකර ඇති අතර පසුව සැකකරු ඔහුගේ නිවසේ මියගොස් සිටියදී සොයා ගත් බව පොලිසිය පවසයි.
වෙඩි තැබීමේදී සිදුවූ අනතුරු වලින් පස් දෙනකු පමණ තුවාල ලබා ඇත.
පළමු වෙඩි තැබීම හැනවු නගර මධ්‍යයේ පිහිටි අවන්හලක සිදුකර ඇති අතර එහිදී තිදෙනකු මරා දමා ඇත.
දෙවනුව තුවක්කුකරු ආසන්න කෙසෙල්ස්ට්‍රැඩ් ප්‍රදේශයේ අවන්හලක සිදුකළ වෙඩිතැබීමෙන් පස්දෙනකු මිය ගියේය.
ප්‍රහාරය සිදුකළේ කුමන අරමුණකින් ද යන්න පැහැදිලි නොමැති අතර පොලිසිය දිගටම පරීක්ෂණ සිදුකරගෙන යයි.
(බීබිසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ජාතියෙද මන්දා...........මං කිව්වෙ ශුද්ධ වූ යුද්දෙට ළමයි හදන අය...
වෙඩි තියපු පුද්ගලයා ජර්ම් ජාතිකයෙක්. ඔහුගේ මව ඇතුළු 10 දෙනෙක් මරල තමන්ටත් වෙඩි තියාගෙන සියදිවි හානිකරගෙන තියෙනවා.
මේ වෙඩිතැබීම ජර්මන් ජාතිකයෙක් විසින් කරන ලද්දක්. අද ජර්මනියේ ඉතාමත් දරුණු තත්වයක් උදාවෙලා තියෙන්නේ. මෙතන ජීවිතක්ෂයට පත්වෙලා ඉන්න අට දෙනෙක්ම විදේශිකයෝ ... !