ජර්මනියේ මියුනිච් නගරයේ වෙඩි තැබීමක් හේතුවෙන් උණුසුම් තත්වයක් හටගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.ඇසින් දුටු සාක්ෂි කරුවන්ගේ අදහස් අනුව තුවක්කුකරුවන් තිදෙනෙකු එම වෙඩි තැබීම සිදු කොට තිබේ.
පුද්ගලයින් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි සදහන් වන නමුදු පොලිසිය එම තොරතුරු තහවුරු කොට නොමැත. මෙම තත්වය හේතුවෙන් එම ප්‍රදේශවාසීන්ට මහාමාර්ග සහ ප්‍රසිද්ධ ස්ථාන වලින් ඉවත්ව සිටින ලෙස පොලිසිය දැනුම් දී තිබිණි. සැකකරුවන් පලායමින් සිටින විටදී පවා වෙඩි තැබීම සිදුවිය හැකි හේතුවෙන් එම දැනුම් දීම සිදු කර තිබේ.
පොලිසිය මෙම සිදුවීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස හදුන්වා ඇත. වෙඩි තැබීම සදහා හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.එම අවස්ථාවේ නගරයේ වෙළදසැල් වල සිටි අයට ඉන් පිටවී නොයා බොහෝ වෙලාවක් රැදී සිටීමට සිදුවිය.මේ හේතුවෙන් නගරයේ ප්‍රවාහනයද අත්හිටුවා තිබිණි. දුම්රිය ස්ථානයේ සිටි සියලුම පිරිස් ඉන් ඉවත් කෙරිණි.
තත්වය පාලනය සදහා පොලිස් භට පිරිස් සහ හමුදා යොදවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් මෙවැනි අඳුරු යුගයක් තිබූ බව දැන් බොහෝ දෙනෙකුට අමතකයි (නි)
ලංකාවේ ත්‍රස්තවාදය නැතිකරපු අයට මල් පිදියයුතු වෙන්නේ මේවා අහන, දකිනකොට තමා. ශ්‍රී ලංකාවේ අය මේවාට නිතරම මුහුණ දුන්නනේ. ඒත් අද මොකද වෙලා තියෙන්නේ? ඒ ත්‍රස්තවාදය නැතිකරපු එක පාරාවළල්ලක් වෙලා නේද? (නි)
අනේ මන්දා මොනවද මේ රටවල සිද්ධවෙන්නේ කියලා (නි)
අපේ රටින් ත්‍රස්තවාදය තුරන් කලාට, මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු ත්‍රිවිධ හමුදාවට අපගේ උත්තමාචාරය!! (රේ)
ජනහිත, ඔබේ අදහස නිවැරදියි. අපේ අයට ආයෙත් තමන් ළඟ පිපිරෙනකම් 2009 ට පෙර කිසිවක් මතක නැත (නි)
එදා ජිනිවා මානව හිමිකම් ගැන කතාකරපු අැමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට මේවා හොඳ පාඩම්. (නි)
ජනහිත මහත්තයෝ, ඔයා මේ කියන්නේ බන්ධනාගාරගතවෙලා ඉන්න සහ ඇප පිට එළියට ඇවිල්ලා ඉන්න අය ගැනද (නි)
මේ ගිනිදැල් ඉක්මණින් නිවේවා! (නි)
බලයට කෑදරකමට බොරු කියලා බලයට ඇවිත් රට ආයේ ත්‍රස්තවාදීන්ට දෙන්න නම් එපා. (හේ)