ජර්මනියේ පාලක පක්ෂය වන ‘ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යූනියන්’ පක්ෂයේ නව නායිකාව ලෙස එම පක්ෂයේ මහලේකම්වරිය වශයෙන් කටයුතු කළ ඇනාග්‍රෙට් ක්‍රම්ප් කරේන්බර් තෝරා පත්කරගෙන ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් ජර්මනියේ චාන්සලර් ධුරයේ වෙනසක් දැනට සිදු නොවන බවත් ඇන්ජෙලා මර්කෙල් ඉදිරියටත් එම ධුරයේ කටයුතු කරනු ඇති බවත් පැවසේ.
තමන් නුදුරේදී පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් පසුගිය ඔක්තෝබර් මාසයේදී නිවේදනය කර තිබිණි.
‘ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යූනියන්’ පක්ෂයේ නායකත්වය සඳහා ඇනාග්‍රෙට් ක්‍රම්ප් කරේන්බර් ෆ්‍රෙඞ්රිච් මර්ස් අතර සටනක් පැවැතුණි. ෆ්‍රෙඞ්රිච් මර්ස් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ගේ ප්‍රතිපත්ති ප්‍රශ්න කළ අයෙකි.
පක්ෂ නායකත්වය සඳහා පැවැති සටනේදී ඇන්ජෙලා මර්කෙල්ගේ සහාය හිමිවූයේ ඇනාග්‍රෙට් ක්‍රම්ප් කරේන්බර්ටය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd