මගී දුම්රිය දෙකක් ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේදී ගැටීමෙන් වු අනතුරින් සිවිදෙනෙක් මියගොස් තවත් 100 දෙනෙක් පමණ තුවාල සිදුවි ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. තුවාල වූ අයගෙන් 15 දෙනෙකුගේ තත්වය ඉතාමත් බරපතල බවද වාර්තාවේ.
මෙම දුම්රිය අනතුර සිදුවී ඇත්තේ මියුනිච් නගරයට කිලෝ මීටර් 60 ක් නිරිත දිගින් පිහිටි බෑඩ් ඒබ්ලින් නගරය ආසන්නයේදීය.
ජර්මන් මාධ්‍ය වාර්තා වලට අනුව මෙම අනතුරින් එක් දුම්රියක් පීලි පැනගොස් ඇති බවත් එහි දුම්රිය මැදිරි කිපයක් උඩු යටිකුරු වී ඇති බවත් පැවසේ .
එරට පොලීසිය පැවසුවේ තවමත් දුම්රිය මැදිරිවල සිරවූ මිනිසුන් බේරාගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇති බවයි.
වසර ගණනාවකට පසුව ජර්මනියේ මෙම කලාපයේ සිදුවු විශාලතම අනතුර මෙය බව වාර්තා වල දැක්වේ. සිද්ධිය වු ස්ථානයට හදිසි සේවා සඳහා වෙද්‍යවරුන්,ගිලන්රථ සහ හෙලිකොප්ටර් යානා යොදවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසා විසින් සුපිරි අධී තාක්ෂණ සොයා ගත්තත් ඔවුන්ට එයට කිසි පාලනයක් නැති බව ඔප්පු වෙනවා .(ම)
ජර්මනියෙ එහෙම වුනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ .. ලංකාවෙ දුම්රිය අඩි 10ක් තියල මූනට මූණ ලා නවතිනවා විතරයි. (ම)