IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ජර්මනියේ කොරෝනා ආසාදිතයින් මිලියනය පසුකරයි

 ජර්මනියේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියනය පසුකර තිබේ. බෝවන රෝග සඳහා වන රොබට් කොච් ආයතනයේ සංඛ්‍යාලේඛන වලට අනුව මේවනවිට ජර්මනියේ තහවුරුකර ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,006,394කි.

පසුගිය පැය 24 තුළ පමණක් රෝගීන් 22,806ක් වාර්තාවී තිබේ.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ජර්මනියේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 15,586කි. පසුගිය පැය 24 තුළ මරණ 426ක් සිදුවී තිබේ.

ජර්මනියේ බාර්, අවන්හල්, සිනමාශාලා සහ ව්‍යායාම ස්ථාන වසාදමා ඇති නමුත් පාසැල් සහ කඩ සාප්පු විවෘතව පවතී.

පොදු ස්ථාන වල රැස්විය හැකි සංඛ්‍යාව 10ක් දක්වා සීමාකර ඇති අතර දෙසැම්බර් 01වනදා සිට එය 5ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

එළඹෙන නත්තල් සමයේ මෙම සීමාවන් ලිහිල් නොකරන බව අගනුවර වන බර්ලින්හි පරිපාලනය දැනුම් දී තිබේ.

ජර්මන් රජය පවසන්නේ කොරෝනා හේතුවෙන් පණවන ලද සීමා කිරීම් ජනවාරි හෝ මාර්තු දක්වා බලාත්මක කිරීමට සිදුවනු ඇති බවයි.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ජර්මනියේ කොරෝනා ආසාදිතයින් මිලියනය පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 884 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site