
ජර්මන් ෆෙඩරල් මහ මැතිවරණය අද (26) ආරම්භ වෙයි.
2005 වසරේ සිට ජර්මන් චාන්සල්වරිය ලෙස එම ධුරය හොබවන 67 හැවිරිදි ඇන්ජෙලා මර්කල්ගේ ධුර කාලය අවසන් වන අතර ඇය යළි චාන්සල් ධුරය සඳහා තරග වදින්නේ නැත.
ජර්මන් පාර්ලිමේන්තුව හෙවත් 'බුන්ඩස්ටාග්' (රයිස්තාග්) මන්ත්‍රණ සභාව වෙනුවෙන් නියෝජිතයන් මෙන්ම නව චාන්සල්වරයකු පත් කර ගැනීමට මැතිවරණය පැවැත්වෙයි.
ඇන්ජෙලා මර්කල් නායකත්වය දෙන්නේ 'ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්' පක්ෂයටය. චාන්සල් ධුරයෙන් සමු ගන්නා බැවින්, 'ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්' පක්ෂය නව නායකයකු තෝරා ගැනීම සිදුකර තිබේ. ඔහු 60 හැවිරිදි අර්මින් ලැස්චේ ය.
'ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්' පක්ෂය, ඔවුන්ගේම තවත් පක්ෂයක් සමඟ සන්ධානගත වී සිටී. එම පක්ෂය 'ක්‍රිස්ටියන් සෝෂල් යූනියන්' පක්ෂයයි. පොදුවේ මෙම පක්ෂ සන්ධානය හැඳින්වෙන්නේ 'යූනියන්' යනුවෙනි. වර්තමානයේ පාලක පක්ෂය ලෙස මෙම සන්ධානය සැලකෙයි. 'යූනියන්' සන්ධානය බලය තහවුරු කර ගත්තොත්, චාන්සල් ධුරය අර්මින් ලැස්චේ ට හිමිවනු ඇත.
ප්‍රධාන විපක්ෂය ලෙස මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඕලාෆ් ෂ්ලොස්ගේ 'මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී' පක්ෂයයි. ජර්මනියේ විපක්ෂ නායක ධුරය හොබවන්නේ ද ඕලාෆ් ය.
අද පැවැත්වෙන මැතිවරණයේ දී ප්‍රධාන පක්ෂ වන 'යූනියන්' සන්ධානය සහ 'මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී' පක්ෂය අතර කරටකර සටනක් පවතිනු ඇතැයි ජර්මන් විශ්ව විද්‍යාල සහ මාධ්‍ය ආයතන සිදු කළ සමීක්ෂණ අනුව පෙනී ගොස් ඇත.
මැතිවරණයට 'හරිත' පක්ෂය ඇතුළු තවත් දේශපාලන පක්ෂ 3ක් ද ඉදිරිපත් වෙයි. එයින් 'හරිත' පක්ෂය තෙවැනි බලවේගය බවට පත් වී තිබුණි. 'හරිත' පක්ෂයට නායකත්වය දෙන්නේ ඇනලීනා බෙයාර්බොක්ය.
සෙසු දේශපාලන පක්ෂ වන 'වාමාංශික' පෙරමුණට නායකත්වය දෙන්නේ ජනයින් විස්ලර් සහ ඩීට්මර් බාර්ට්ච් දෙදෙනාය.
'නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය' ට නායකත්වය දෙන්නේ ක්‍රිස්ටියන් ලින්ඩ්නර්ය.
'ජර්මන් විකල්ප දේශපාලන පක්ෂය වන 'ඒ.එෆ්.ඩී' සඳහා නායකත්වය දෙන්නේ ඇලිස් වෙයිඩ්ල් සහ ටීනෝ චරුපලා යන දෙදෙනාය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජර්මන් ෆෙඩරල් මැතිවරණය ඇරැඹේ