IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජර්මන් සම්බෝධි විහාරයේ කඨින උත්සවයට මහ පිරිස්

ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරස්ථ මෙවර කඨින මහා පුජෝත්සවය බර්ලින් ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා ගම්පහ දොරණාගොඩ ශ්‍රී සුමන්තින්දරාම රජමහා විහාරාධිපති සදානන්ද මහ පිරිවෙනේ අධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි බර්ලින් නුවර එස්.ඕ.එස්  ළමා ගම්මානයේදී පැවැත්විණි.

සම්බෝධි විහාරාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියෝ සිංහල භාෂාවෙන් හා ජර්මන් භාෂාවෙන් පිළිගැනීමේ කතාව කළහ.  පිරිස පංච ශිලයෙහි පිහිටවීම බර්ලින් විහාරාධිපති ශාස්ත්‍රපති දික්වැල්ලේ සිලසුමන හිමි විසින් සිදු සිදු කැරිණි.

රඹුක්වැල්ලේ දේවානන්ද හිමියෝ ජර්මන් බසින්ද වල්පොල කල්‍යාණතිස්ස නාහිමි සිංහල හා ඉංග්‍රීසි බසින්ද කඨිනානිසංස දම් දෙසුම් කළහ.

වැවුරුකන්නල රජමහා විහාරාධිවාසී, බර්ලින් විහාරාධිපති ශාස්ත්‍රපති දික්වැල්ලේ සිලසුමන, වැවුරුකන්නල විද්‍යාතුංග විද්‍යායතන පරිවේනාධිපති කරතොට ගොඩඋඩ සිරි සුමනාරාමාධිපති දික්වැල්ලේ ධම්මවිලාස, ඇමෙරිකාවේ නෙවාඩා බෝධිධම්ම විහාරාධිපති තවලම සරණ, පැරිස් බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති තලංගල්ලේ සුමංගල, බොන් සමාධි බෞද්ධ විහාරාධිපති බටුවන්ගල සමිද්ධි, ඩාලවිට්ස් තායි ධම්මකාය විහාරාධිපති ප්‍රා මහා මොන්චායි සයිතනාපොර්න්, ප්‍රා මහා විචිත්, ප්‍රා මහා බුන්යුන්ග් යන හිමිවරු වැඩම කළහ.

කඨින මහා පුජෝත්සවයට ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති අචාර්ය කරුණාතිලක අමුණුගම මහතා හා මහත්මිය, නියෝජ්‍ය තානාපතිනි චමින්දා කොලොන්න මහත්මිය ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීහු සහභාගී වූහ.

ජර්මනියේ ස්ටුට්ගාර්ඩ්, කීල්, වොර්ම්ස් නගරවල සිට සිංහල හා ජර්මන් බෞද්ධයෝ පැමිණියහ.  

01_2015-Kathina-102 03_2015-Kathina-104 10_2015-Kathina-136 11_2015-Kathina-139 12_2015-Kathina-140 15_2015-Kathina-148 28_2015-Kathina-200



අදහස් (0)

ජර්මන් සම්බෝධි විහාරයේ කඨින උත්සවයට මහ පිරිස්

අසංක Sunday, 15 November 2015 05:23 AM

නමෝ බුද්ධාය.(හේ)

:       0       0

අමාලි Thursday, 12 November 2015 06:21 AM

සාධු... සාධු.. සාධු...! (ර)

:       0       0

දිමේෂ් Wednesday, 11 November 2015 11:08 AM

ජර්මනියේ ඉස්ලාම් අයව එලවන්න උද්ඝෝෂණ කරන්නත් බෞද්ධාගම ආදරෙන් වැලඳගන්නත් හේතුව මොකක්ද? (බ)

:       0       0

චන්න දිසානායක-බර්ලින් Wednesday, 11 November 2015 11:23 AM

බුදු දහම අවිහිංසාවාදී ආගමක්. දර්ශනයක් ඒ නිසා ජර්මන් ජාතිකයෝ බුදුදහම ආදරයෙන් වැළඳ ගන්නවා. ජර්මනියේ ධර්මය බැබලෙනවා. (ර)

:       0       0

සුදත් ගුණසේකර Thursday, 26 November 2015 03:28 PM

ජර්මනිය වැනි රටක මෙවැනි කඨින පින්කමක් පැවැත්වීම සම්බන්ධයෙන් ම තුල ඇතිවනුයේ පුදුම සතුටක්.(හේ)

:       0       0

හරිශ්චන්ද්‍ර Thursday, 12 November 2015 01:13 AM

බුදු සසුන ලොව බැබළේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site