
ජර්මනියේ හයිඩ්ල්බර්ග් විශ්ව විද්‍යාලයට කඩා වැදුණු තුවක්කුකරුවකු කළ වෙඩි තැබීමකින් විශ්ව විද්‍යාලයේ සිසුන් කිහිප දෙනකු සහ ආචාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ.
හයිඩ්ල්බර්ග් විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ දකුණු දිග ජර්මනියේය. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. වෙඩි තැබීම කළ තුවක්කුකරු දිවි නසා ගත් බව පොලිසිය පවසයි.
පසුගිය කාලයේ ජර්මනියේ ත්‍රස්ත ප්‍රහාර සිදුවිය. ඒවා සිදු කළේ ජිහාද් ත්‍රස්තවාදීන් හෝ අන්ත දක්ෂිණාංශික ආයුධ සන්නද්ධ සාමාජිකයන්ය.
කෙසේ නමුත් මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් ජර්මන් රජය මෙතෙක් කිසිවක් පවසා නොමැත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd