
ජර්මනියේ ප්‍රංශ දේශසීමාවට යාබද, කුසෙල් දිස්ත්‍රික්කයේ රයින්ලැන් පැලැටිනේ පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් ජර්මන් පොලිස් නිලධාරීහු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා, මෝටර් රථයක් නවත්වා එම මෝටර් රථය සෝදිසි කිරීමට සූදානම් වෙද්දී, වෙඩි ප්‍රහාරයට ලක් වුණු බව පැවැසෙයි.
මියගියේ 29 හැවිරිදි පොලිස් නිලධාරියකු සහ 24 හැවිරිදි පොලිස් නිලධාරිනියකි.
වෙඩි තැබීම සිදු කළ මෝටර් රථය පදවමින් ආ 38 හැවිරිදි පුද්ගලයා සහ ඔහු සමඟ සිටි 32 හැවිරිදි තවත් පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ද ජර්මන් මාධ්‍ය වාර්තා කර තිබේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd