ජර්මනියේ උතුරු ප්‍රදේශයේ හැම්බර්ග්, හැනොවර් සග බ්‍රේනම් යන ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ෂ්නෙවර්ඩින්ගන් නගරයේ අභිනවයෙන් ආරම්භ කරන්නට යෙදුන ශ්‍රී ලංකා මහා විහාරයෙහි කඨින පුජෝත්සවය පසුගිය 1 වැනි ඉරු දින පැවැත්විණි. ජර්මනියේ බොන් නුවර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති බටුවන්ගල සමිද්ධි හිමියෝ සම්ප්‍රදායික බෞද්ධ රටවල මෙන් යුරෝපයේ බොහෝ රටවල භික්ෂු නායකත්වයක් ගොඩනගමින් පවතින බවත් ථෙරවාද, මහායාන මෙන්ම වජිරයාන බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් ශක්තිමත් භික්ෂු ප්‍රතිරූපයක් යුරෝපයයේ ගොඩනඟා ඇතිබවත්, උන්වහන්සේලාගේ දේශනාවන්ට සහ හඬට කන්දෙන්නට ආසියාවෙන් පැමිණ මේ රටවල පදිංචිව සිටින බෞද්ධයින්ගේ ප්‍රමාණයටම යුරෝපිය ප්‍රජාවද ඉදිරිපත් වීමේ ප්‍රවනතාවය දිනෙන් දිනම ඉහළ යමින් පවතිනු දක්නට ලැබීම සතුටට කරුණක් බවත්, භෞතික සම්පත් පරිහරණය කිරීමෙන් හෙම්බත්ව සිටින යුරෝපිය ප්‍රජාවට බුදුදහම තුළින් මහත් ශාන්තියක් අත්වී ඇති බවත් පැවසුහ.
යුරෝපයේ වැඩවසන ථෙරවාද භික්ෂුන් වහන්සේලා අතර ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝ නායක රත්මලේ පුඤ්ඤරතන හිමියන් පුරා දශක දෙකක දී සැබෑ ධර්ම දුතයන් වහන්සේ නමක් ලෙස සිය යුතුකම් කොටස මැනවින් ඉටුකරනු ලබන ආදර්ශමත් යතිවරයන් වහන්සේ නමක් සේම ජර්මන් ජන සමාජය තුළ භික්ෂු නායකත්වය ආදර්ශයෙන් ගොඩ නඟා ඇති බහුශ්‍රැත හිමි නමක් ලෙස බොහෝ දෙනාගේ ගෞරවයට හා ප්‍රසාදයට පත්ව ඇති බවත් අවධාරණය කර සිටියහ.
ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති රත්මලේ පුඤ්ඤරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කළ පින්කමේදී ඓතිහාසික බර්ලින් විහාරයේ සම විහාරාධිපති කොන්ගස්පිටියේ ශාන්තරක්ඛිත, ගිරිතලේ සිරි සුජාත සහ ජර්මන් ජාතික මොක්ඛිත යන හිමිවරුද අනුශාසනා සිදු කළහ.
ජර්මනියේ විවිධ නගර වලින් පැමිණි ශ්‍රී ලාංකික මෙන්ම ජර්මන් ජාතික සැදැහැවහු බොහෝ පිරිසක් පින්කමට සහභාගී වුහ.
![2E10F4B200000578-3303148-Other_officials_gathered_passports_belonging_to_the_224_victims_-a-23_1446631409925[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2E10F4B200000578-3303148-Other_officials_gathered_passports_belonging_to_the_224_victims_-a-23_144663140992511.jpg)
![033-IMGP1035[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/033-IMGP10351.jpg)
![220-IMGP1225[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/220-IMGP12251.jpg)
![238-IMGP1243[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/238-IMGP12431.jpg)
![032-IMGP1034[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/032-IMGP10341.jpg)
![144-IMGP1148[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/144-IMGP11481.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු සාධු!!! (නි)