ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කෙල් වර්ග දෙකකින් කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවැනි මාත්‍රාව ලබාගත් බව ඇයගේ ප්‍රකාශක උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.
ජර්මානු චාන්සලර්වරිය සිය පළමු එන්නත ලෙස ලබාගෙන ඇත්තේ ඇස්ට්‍රාසෙනකා එන්නත වන අතර දෙවැනි එන්නත ලෙස මොඩර්නා සමාගම නිෂ්පාදනය කළ කොවිඩ්-19 එන්නත ලබාගත් බව ජර්මානු චාන්සලර්වරියගේ ප්‍රකාශක පැවැසීය.
ජර්මානු චාන්සලර්වරිය මේ වනවිට 66 වැනි වියේ පසුවන අතර ඇය සිය පළමු එන්නත ලබාගත්තේ ඉකුත් අප්‍රේල් මාසයේ දී ය.
ඇය එන්නත ලබාගත්තේ වයස අවුරුදු 60 සහ 60ට වැඩි අයට එන්නත ලබාදෙන්නැයි ජර්මානු බලධාරීන් නියෝග කළ පසු ය.
ජර්මානු චාන්සලර්වරිය වසර 16කට ආසන්න කාලයක් ජර්මනියේ නායිකාව ලෙස කටයුතු කළ අතර මේ වසරේ දී ඇය එම ධුරයෙන් ඉවත් වීමට නියමිත ය.
මේ අතර ජර්මනියේ දෙදෙනකුගෙන් එක් අයකු, එනම් සියයට 51.2ක් මේ වනවට ‘කොවිඩ්-19’ එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇතැයි එරට වාර්තා සඳහන් කරයි.
ඒ.එෆ්.පී.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ජර්මන් චාන්සල්වරියට වර්ග දෙකක එන්නත් දෙයි