පාසල් දරුවන් සහභාගීත්වයෙන් පැවැත්වුණු රූපවාහිනී වැඩසටහනකදී ඔවුන් අතර සිටි පලස්තීන ජාතික ගැහැණු දරුවෙකු හැඩවූයේයැයි ජර්මන් චාන්සල්වරිය වන ඇන්ජෙලා මර්කෙල්ට දැඩි විවේචනයන් එල්ල වෙමින් තිබේ.

ජර්මනියේ ජීවිතය යන තේමාව යටතේ පැවැත්වූ මෙම වැඩසටහන සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශනයද කැරිණි.

දරුවන් අතරේ සිටි පලස්තීන ජාතික සිසුවියක් කිසිවෙකුත් නොසිතූ පරිදි ඇන්ජෙලා මර්කෙල් අමතමින් තම මව හා පියා අවුරුදු හතරක් පුරාවට ජර්මනියට පැමිණෙන බවත් ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ ජර්මනියේ ස්ථීර පුරවැසිභාවය ලබාගැනීම බවත් පැවසුවාය. පියාට ඇත්තේ තාවකාලික ගමන් බලපත්‍රයක් හෙයින් එය කල් ඉක්මවායෑමට ප්‍රථමයෙන් නැවත වරක් තමන්ට ජර්මනියෙන් ඉවත්ව යෑමට නුදුරේදීම සිදුවනු ඇති බවද ඇය කීවාය.

මවිතයට පත් මර්කෙල් මොහොතක් නිහඩව සිට එම දැරිය අමතමින් ඇයගේ අදහස් දැක්වීම අගය කළාය.

‘ඔයා දන්නවා ලෙබනනයේ තියෙන පලස්තීන සරණාගත කදවුරු වල පුද්ගලයින් දහස් ගණනක් ඉන්නවා. අපට ඒ හැම එක්කෙනාටම එන්න කියන්න බැහැ.අපට ඒක කළමනාකරණය කරගන්න බැහැ.‘ ඇය පැවසුවාය.

මේ ඇසීමත් සමග පලස්තීන දැරිය මහ   හඩා වැටුනාය.පසුතැවිල්ලක සේයාවක් මුහුණේ සටහන්ව තිබූ මර්කෙල්, දැරිය අසලට ගොස් ඇයගේ හිස අතගාමින් ඇය  සැනසීමට තැත් කරනු වැඩසටහන අවසානයේදී දැකගත හැකිවිය.

මර්කෙල්ගේ ප්‍රකාශය ලොව පුරා මහත් කලබලයක් ඇතිකිරීමට සමත්ව තිඛෙන අතර දරුවන් හා කටයුතු කිරීමට නොදන්නා බව කියමින් බොහෝ දෙනා ඇය දැඩිව  විවේචනය කරමින් සිටිති.ඔවුන් අතර ලොව ප්‍රකට පුද්ගලයෝ ද වෙති.

නමුත් ඇතැමුන් ඇත්ත ඇති සැටියෙන්ම ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඇන්ජෙලා මර්කෙල්  අගය කරමින් අදහස් දක්වා තිබේ.වෙනත් දේශපාලකයකු නම් තම ප්‍රතිරූපය නංවාගනු වස් එම දැරියට හා ඇයගේ පවුලට එවලේම ස්ථීර පුරවැසිභාවය ලබාදීමට කටයුතු කරනු ඇති වුවත් මර්කෙල් එසේ නොව අපක්ෂපාතී නියම වෘත්තිකයෙකු ලෙස කටයුතු කළ බව ඔවුන් කියයි.

කෙසේනමුත් මර්කෙල්ගේ මාධ්‍ය ඒකකය සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් දැරිය හඩාවැටුණේ සරණාගත ගැටළුව විසදීමට ඉක්මන් පියවරක් ගැනීමට ජර්මන් රජය කටයුතු කරමින් සිටින බව අසායැයි සඳහන් කර ඇත.

2A94DE6C00000578-3163899-image-m-49_1437052923907[1] - Copy 2A94DE7D00000578-0-image-m-42_1437052549208[1] - Copy 2A94DE2700000578-3163899-image-m-48_1437052830978[1] - Copy 2A94DE7400000578-0-image-a-44_1437052755616[1]