
චීනයේ සංචාරයක නියැලෙන ජර්මන් චාන්සලර් ෆෙඩ්‍රික් මර්ස් සහ චීන ජනාධිපති ෂී ජිං පිං අතර ද්විපාර්ශ්වික හමුවක් පැවැත්විණි.
ජර්මන් චාන්සලර් ලෙස ෆෙඩ්‍රික් මර්ස්, චීනයේ නිල සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
ලොව දෙවැනි විශාලතම ආර්ථිකය හිමි චීනය සහ ලොව තෙවැනි විශාලතම ආර්ථිකය හිමි ජර්මනිය අතර සම්බන්ධතා දෙරට යහපතට පමණක් නොව යුරෝපයට හා ලෝකයට ද වැදගත් බව චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.
චීනය සමඟ පවතින සම්බන්ධතා ජර්මනිය ඉතා වැදගත් කොට සළකන බවත්, චීනය සමග එක්ව ද්විපාර්ශ්වික උපාය මාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑමට කැමැත්තෙන් පසුවන බවත් ජර්මන් චාන්සලර්වරයා චීන ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd