ඉරාන ජෙනරාල්වරයා මරුමුවට පත්වීමත් සමඟ මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය සෙනසුරාදා (11) මොස්කව් නුවරට පැමිණීමට නියමිතය.
ජර්මානු චාන්සලර්වරිය එහිදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ සාකච්ඡා පවත්වනු ඇත. ඇන්ජෙලා මර්කෙල් සමඟ ජර්මානු විදේශ අමාත්‍ය හයිකෝ මාස් ද ඒ සඳහා එක්වීමට නියමිතය.
ඇමෙරිකාව බැග්ඩෑඞ් නුවරදී ඉරාන ජෙනරාල්වරයා ඝාතනය කිරීමෙන් පසුව ඉරානයේ සහ ඉරාකයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය, සිරියාවේ ගැටුම සහ ලිබියාවේ ඇති වී තිබෙන නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් මර්කෙල් සහ පුටින් සාකච්ඡා කරන බව ජර්මානු රජයේ ප්‍රකාශකයෙක් තවදුරටත් කීය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd