
ඉන්දියාවත්, ජර්මනියත් අතර ද්වීපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් විය. ඉන්දියාවත්, ජර්මනියත් අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් වූයේ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලවක් වශයෙනි.
ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලියට පැමිණියේය. ඒ, ජර්මන් ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් පැවැත්වුණු 18 වැනි ආසියා පැසිෆික් සමුළුවට සහභාගී වීමටය.
ඕලාෆ් ෂොල්ස් සමඟ ජර්මන් රජයේ අමාත්‍යවරුන් මෙන්ම එරට ව්‍යාපාර ප්‍රධානීන් කණ්ඩායමක් ද ඉන්දියාවට පැමිණි බව වාර්තා විය.
එම සමුළුවට සමගාමීව ජර්මන් චාන්සල්වරයා සහ මෝදි අතරේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. උපාය මාර්ගික සබඳතා පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී එකඟතාවක් ඇතිකර ගැනුණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd