ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ-ශරිෆ් හී ජර්මන් කොන්සල් කාර්යාලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඉන් දෙදෙනකු මිය ගොස් 80 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ද වාර්තා වෙයි.
කුන්දුස් ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලට පිළිතුරක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව තලේබාන් ත්‍රස්තවාදීහු පවසති.
ප්‍රහාරය සම්බන්ධයෙන් නේටෝ සංවිධානය පරික්ෂණයක් ආරම්භ කර ඇත.ප්‍රහාරයෙන් කොන්සාල් කාර්යාලයට දැඩි හානි සිදුව ඇති බවත් නේටෝ නිලධාරීන් සිරව සිටි පිරිස් ඉවත් කළ බවත් එම සංවිධානය කියයි.
ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක තත්ත්වය අවධානමකට ලක්ව ඇති බව බලධාරීහු කියති.ඇෆ්ගනිස්ථානයේ ජර්මන් හමුදා සෙබළු 1000ක් පමණ සිටිති.
(ඡායාරූප-බී.බී.සී)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සතුටුයිද දැන් (අ)
ජර්මනිය සරණාගතයෝ මිලියන ගානක් රට ඇතුළට ගත්ත ඒ කට්ටිය ඇතුලේ මේ ත්‍රස්තවාදී දහස් ගණන් ඉන්නවා.(ම)