IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුගෙන් අනතුරු ඇඟවීමක්


 
 
 
සිරියානු සරණාගතයන් දහස් ගණනකට නිවහන සැපයීම සිදුවීමත් ප්‍රමාණවත් ජාත්‍යන්තර සහායක් නොමැති වීමත් හේතුවෙන් රට තීරණාත්මක ස්ථානයට පැමිණ ඇතැයි ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු අනතුරු අඟවයි. 
 
රාජ්‍ය වියදම් අඩු කිරීමටත් බදු ආදායම් කිරීමටත් රජය පියවර ගැනීමත් සමඟ ජෝර්දානයේ බොහෝ ස්ථානවල විරෝධතා ඇතිවිය. මෙම විරෝධතා හේතුවෙන් ජෝර්දාන අගමැති හනි මල්කි සඳුඳා (4) ධුරයෙන් ඉල්ලා අස්විය.
 
එසේ වුවත් තවමත් ජෝර්දානයේ බොහෝ තැන්වල විරෝධතා පවතින අතර සඳුඳා රාත්‍රීයේ මධ්‍යම අම්මාන් නුවර අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට 2,000කට වැඩි පිරිසක් එක්රැස් වූහ. 
 
කලාපයේ ඇති අස්ථාවර තත්ත්වයත්, සිරියානු සරණාගතයන් දහස් ගණනකට නවාතැන් සැපයීමට සිදුවීමත් සහ ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝගය අවම වීමත් හේතුවෙන් රට ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි ද ජෝර්දාන රජු චෝදනා කරයි.
 
“ජෝර්දානය අද තීරණාත්මක තත්ත්වයකට පත්ව තිබෙනවා. එක්කෝ අපට මේ අර්බුදයෙන් ගොඩවිත් අපේ පුරවැසියන්ට අභිමානයෙන් සිටිය හැකි ජීවිතයක් උදා කළ හැකියි. එසේත් නැතිනම් දෙවියන්ගේ කැමැත්තට සිදුවේවි. කුමක් වේවිද කොහෝ යාවිද දන්නේ නැහැ? එසේ වුවත් අපි යන්නේ කොහේදැයි අපි දැන සිටිය යුතු” යැයි මාධ්‍යවේදීන් පිරිසක් හමුවෙමින් ජෝර්දාන රජු පැවැසීය. 
 
අන්තර්ජාතික මූල්‍ය අරමුදල අදාළ ප්‍රතිසංස්කරණ සිදු කරන්නැයි ඉල්ලා තිබෙන අතර ජොර්දාන රජය බදු ප්‍රතිසංස්කරණ කළේ ඒ අනුවය. විරෝධතාකරුවෝ අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ද චෝදනා කළහ. 
 
ඇතැම් විරෝධතාකරුවෝ තම දරුවන්ද උද්ඝෝෂණවලට පැමිණියහ. ඇතැම් පිරිස් ආරක්ෂක අංශ සාමාජිකයන්ට රසකැවිලි ද බෙදා දුන්හ. 
 
ජෝර්දාන රජය පසුගිය මාසයේ දී නව ආදායම් බදු පනතක් හඳුන්වා දුන් අතර එය මෙතෙක් පාර්ලිමේන්තුවෙන් සම්මත වී නොමැත. මෙම නව ආදායම් බදු පනත ඔස්සේ සේවා නියුක්තිකයන්ගෙන් අය කෙරෙන බදු සියයකට පහකින් වැඩිවන අතර සමාගම් වලින් අය කෙරෙන බදු සියයට 20ත් 40ත් අතර ප්‍රමාණයකින් වැඩි වීමට නියමිතය. 
 
ජෝර්දානයට එක්සත් ජනපද ඩොලර් මිලියන 723ක ණය මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 වසරේදී තීරණය කළේය. අවුරුදු තුනක කාලයකයට යටත් අදාළ ණය මුදල ලබාදීමේදී ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජෝර්දානයෙන් ඉල්ලා සිටියේය. බදු ප්‍රතිසංස්කරණ කළේ ඒ අනුවය. 
 
ස්වභාවික සම්මත කිහිපයකින් සමන්විත ජෝර්දානය පසුගිය ජනවාරි මාසයේ සිට ඉහළ විරැකියා අනුපාතයකට මුහුණ දී සිටී. එමෙන්ම අවස්ථා කිහිපයකදීම පාන් සහ එරට ප්‍රධාන ආහාරවල මිල ගණන් වැඩි කෙරුණු අතර මූලික ආහාර මත බදුද පැනවිණි. 
 
මේ වසර ආරම්භයේ සිට මේ දක්වා කාලයේදී ඉන්ධන මිල ගණන් අවස්ථා පහකදී වැඩි කෙරුණු අතර පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලයේ දී විදුලි බිල සියයට 55කින් වැඩිවිය. 
 
වසර පහකට පසු ජෝර්දානයේ ඇති වූ දැවැන්තම විරෝධතා රැල්ල මෙය යැයි ද පැවසේ. ජෝර්දානය යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ සමීප මිත්‍රයෙකි. අරාබි වසන්තයෙන් පසු අරාබි සහ මැදපෙරදිග රටවල් රැසක විරෝධතා සහ නොසන්සුන්තා ඇති වූ නමුත් ජෝර්දානය ඉන් වැළැකී සිටි එක් රටකි. 
  
  
ඒ.එෆ්.පී



අදහස් (1)

ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුගෙන් අනතුරු ඇඟවීමක්

රජින්ද Tuesday, 05 June 2018 10:39 AM

ඇමෙරිකාව ප්‍රමුකව ලෝකේ කොහේ හරි රටක ප්‍රශ්නයක් ඇතිකරනවා අන්තිමේ එකෙන් පීඩා විදින්නේ කොහෙවත් තියෙන රටවල්. ඇමෙරිකාව සහ ඇතැම් යුරෝපා රටවල් නිසා ඇති වෙච්ච මේ සරණාගතයින් බාර ගැනීම ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරනවා, සමහරක් යුරෝපා රටවල් කරගන්න දෙයක් නැතුව බාරගෙන අද අවුල් වෙලා ඉන්නවා. කොහොමහරි සරණාගතයින් බාරගෙන අමාරුවෙන් ඇදගෙන යන රටවල් අවුල් කරන්න ඇමෙරිකාවට මුවාවෙලා ඉන්න මුල්‍ය අරමුදල එක එක යෝජනා ගේනවා. අන්තිමේ ඇමෙරිකාව පැත්තක ඉදන් සැප විදිනකොට අනික් රටවල් විනාශ වෙනවා.

:       0       93

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 747 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2403 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site