ජෝර්දානයේ පාර්ලිමේන්තුව අබ්දුල්ලා රජුට ඉහළ අධිකරණය හා සෙනෙට් මණ්ඩලයේ මන්ත්රීවරුන් පත් කිරීමට ඇති අයිතිය සහ තවත් තීරණ ගැනීමට බලය ලබා දීමට ව්යවස්ථා සංශෝධන කිහිපයක් සම්මත කර ඇත.
එරට පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් 142 දෙනෙකුගෙන් 123 දෙනෙකුම එම සංශෝදනයට පක්ෂව ඡන්දය ලබා දී තිබේ.
රජු ට ඔටුන්න හිමි කුමරු පත් කිරීමේ බලය ද එමගින් ලබා දී ඇත.
මෙම වෙනස්කම් මගින් රජුට අමාත්ය සභාවේ අත්සනක් හෝ රජයේ නාම යෝජනා ක්රියාවලියකින් තොරව රාජකීය ආඥාවන් නිකුත් කිරීමට සහ පත්වීම් සිදුකිරීමට අයිතිය ලබා දී තිබේ.
සංශෝධනය කිරීමට පෙර ඔහුට අගමැති සෘජුවම පත් කිරීමට පමණක් බලය තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝර්දාන් පාර්ලිමේන්තුවේ ඉන්නෙත් බහුතරය ජෝරදන් රජුගේ කට්ටියම නිසා ,රජුට වැඩි බල තල දීම පුදුමයක් නෙමේ , නුදුන්නත් බල තල ගන්න පුළුවන් රජුට. (ර)