ජෝර්දානය සහ ඉරානය අතර තිබෙන එකම දේශසීමාව වසර තුනකට පසු විවෘත කරන බව දෙරටේ බලධාරීහූ පවසති.
ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස් සංවිධානයේ තර්ජන සහ අපරාධ කල්ලිවල ප්‍රහාර හේතුවෙන් මීට වසර තුනකට පෙර දෙරට අතර තිබෙන දේශසීමාව වසා දැමීමට බලධාරීහූ කටයුතු කළහ.
ඉරාකයේ තුරයිබුල් පිවිසුමත් ජෝර්දානයේ අල් කරාමෙහ් පිවිසුමත් විවෘත කරන බව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් දෙරටේ ආණ්ඩු නිවේදනය කළේය. වසර තුනකට පසු දේශසීමා විවෘත කරන බවත් දේශසීමාවල ආරක්ෂාව තහවුරු කර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් විය.
මෙම දේශසීමාව ඉරාකයේ සහ ජෝර්දානයේ අගනුවරවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයකි. දේශසීමාව නැවත විවෘත කරනු ලැබුවේ ඉරාක හමුදාව අයි.එස් ත්‍රස්ත ග්‍රහණයේ පැවැති නගර නැවත සියතට ගැනීමත් සමඟය.
(ඒ.එෆ්.පී-055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd