ජෝර්දානය සහ ඉරානය අතර තිබෙන එකම දේශසීමාව වසර තුනකට පසු විවෘත කරන බව දෙරටේ බලධාරීහූ පවසති.
ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස් සංවිධානයේ තර්ජන සහ අපරාධ කල්ලිවල ප්‍රහාර හේතුවෙන් මීට වසර තුනකට පෙර දෙරට අතර තිබෙන දේශසීමාව වසා දැමීමට බලධාරීහූ කටයුතු කළහ.
ඉරාකයේ තුරයිබුල් පිවිසුමත් ජෝර්දානයේ අල් කරාමෙහ් පිවිසුමත් විවෘත කරන බව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් දෙරටේ ආණ්ඩු නිවේදනය කළේය. වසර තුනකට පසු දේශසීමා විවෘත කරන බවත් දේශසීමාවල ආරක්ෂාව තහවුරු කර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් විය.
මෙම දේශසීමාව ඉරාකයේ සහ ජෝර්දානයේ අගනුවරවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයකි. දේශසීමාව නැවත විවෘත කරනු ලැබුවේ ඉරාක හමුදාව අයි.එස් ත්‍රස්ත ග්‍රහණයේ පැවැති නගර නැවත සියතට ගැනීමත් සමඟය.
(ඒ.එෆ්.පී-055)
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජෝර්දාන-ඉරාන දේශසීමාව විවෘත කෙරේ